මිලාන්ගේ පන්දුවට පෙර පිත්ත කතා කරයි

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 22, (LNW) කොළඹ :

එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගයට කණ්ඩායමට පන්දු යවන්නෙක් ලෙස කැඳ වූ,සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මිලාන් රත්නායක පසුපෙළ ශක්තිමත් කරමින් එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමඟ ලකුනු 72 ක් ලබා ගනිමින් අපූරු ඉණිමක් දියත් කළා.ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 74 ක් ලැබූ නායක ධනංජය ද සිල්වා සමඟ මිලාන් 8 වන කඩුල්ලට ලකුණු 63 ක සබඳතාවයක් පැවත්වූවා.ඉනික්බිති ධනංජය නික්ම ගිය පසු නවවන කඩුල්ලට විශ්ව ප්‍රනාන්දු (13) සමඟ තවත් ලකුණු 50 ක් එක් කරන්නට දායක වුණා.ඒ නිසා ශ්‍රී ලංකා ඉණිමේ සියලු කඩුලු අහිමි වන විට ලකුණු පූවරුවට 236 ක් එක් වී තිබුණා.


එහෙත් එංගලන්තය සමඟ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා පිතිකරුවන් ශ්‍රී ලංකාවට සතුටු විය හැකි කාර්යභාරයක් ඉටු කර තිබුණේ නැහැ.පළමු ඉණිම ලකුණු 236 ට සීමා වීමට පළමුව කාසියේ වාසිය ලබා පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකාවට ලකුණු 6 දී කඩුලු 3 ක් අහිමි වීම මේ කඩා වැටීමේ මුල වුණා.
.
එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝකස් ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගත්තා,සොහීබ් බෂීර් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 55 ක් ලබා දෙමින්.විශේෂයෙන් බෂීර්ගේ සාර්ථකත්වය සම්බන්ධයෙන් සැළකිල්ල යොමු කිරීමෙන් විය හැකි තත්ත්වයක් පෙන්නූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිනය නිමා වීමට පෙර පැවති සූළු කාලය තුළ පන්දු යැවීමේ ආරම්භය ලබා ගත්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...