*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

මට ඇෆ්ගන් කෙල්ලන්ගේ හඬ වෙන්න පුළුවන් – කිමියා යුසෝෆි

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 22, (LNW) කොළඹ :

අපි ඇෆ්ගනිස්තානයේ සකියා ගැන කතා කළෙමු.ඇය පැරා ඔලිම්පික් උළෙලට සහභාගි වන්නේ සරණාගත ක්‍රීඩිකාවක ලෙසය.එහෙත් ඇයගේ ප්‍රහාරය මෙන්ම වාග් ප්‍රහාරය ද නිරන්තරයෙන් ඇෆ්ගන් කාන්තාවට සි දු වී ඇති අසාධාරණයන් පිටු දැකීම කෙරෙහිය.


එවැනිම ඇෆ්ගන් කාන්තාවක් ඇෆ්ගන් ධජය යටතේම පැරිස් ඔලිම්පික් උළෙලට ආවාය.ඇය දැනට සිටින්නේ ඔස්ට්‍රේලියාවේය.නමින් නාමියා යුසෝෆි වූ ඇයගේ තෙවන ඔලිම්පික් උළෙල මෙයය.මේ වන විටත තලේබාන් පාලනයේ ඇති බලපෑම මත පිටුවහල්ව සිටින ඇෆ්ගන් ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ගේ මඟ පෙන්වීම මත ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් ගමණට එකතු වූ ඇෆ්ගන් ක්‍රීඩිකාවන් තිදෙනාම ඇෆ්ගන් රජය නොපිළිගත්තේය.


ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට වසා ඇති අවස්ථාවන්වලට එරෙහිව ක්‍රීඩාව කාන්තාවන් තඅට පත් විය යුතු බව සිතමින් එරටට බලපෑම් කළත්,ඇෆ්ගන් කාන්තාව දෙවන මට්ටමේ පුරවැසියෙක් සේ සළකා පිරිමි පාලනය යටතේ සිර කර තැබීම තලේබාන් පාලනය නො’නවත්වා කරගෙන යන්නේය.


පැරස් ඔලිම්පික් උළෙලට ආ කෙටි දුර ධාවන සූරී කිමියාගේ අදහසට අනුව මේ සියලු බාධක මතුවන්නේ ඇෆ්ගන් කාන්තාවගේ අධ්‍යාපන අයිතිය උඳුරා ගැනීම නිසා බවය.ඔවුන්ට ලෝකයට අසාධාරණය පැවසීමට සහ තේරම් ගැකීමට ඇති මාධ්‍යය අධ්‍යාපනය බවත්,කාන්තාවන්ගේ එම අයිතිය උඳුරා ගැනීමට එරෙහිව තමන් ලෝකය ඉදිරියේ පෙනී සිටින බවත් හඟවන්නට,දුර්දාන්ත තලේබාන් පාලනයට එරෙහිව ඇය පැරිසියේ දී ප්‍රසිද්ධියේ නිර්භීතව පෙනී සිටියාය.


Education, Sports Our Rights යනුවෙන් කාමියා ලෝකයම බලා සිටියදී සිය අදහස වෙනුවෙන් ලෝකය ඉදිරියේ කොළ කැබල්ලක් සහිතව පෙනී උන්නාය.


ඇය කිසිඳු දේශපාලනයකට අයත් නොවන බව කීවාය. “මම දේශපාලනික පුද්ගලයෙක් නොවේ, මම කරන්නේ මට සත්‍ය යැයි සිතන දේ පමණයි.” ඇයගේ අවධානය පොළවේ පවතින දේශපාලනය විසින් අහිමි කර තිබෙන කාන්තා අයිතීන් දිනා දීමට හඬක් වෙන්නටය.වැඩක් කරන්නටය.


“මට ඇෆ්ගන් කෙල්ලන්ගේ හඬ වෙන්න පුළුවන්. මට ඔවුන්ට අවශ්‍ය දේ පැවසිය හැකිය” ඇෆ්ගන් කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් කාමියා පැවසුවාය.
“මම නිදහස් මිනිසුන් ලෙස තීරණ ගැනීමට බලයක් නොමැති මේ කාන්තාවන්ගේ සොරකම් කරන ලද සිහින සහ අපේක්ෂාවන් නියෝජනය කරමි.” ඇය ඔස්ට්‍රේලියාවේ ලැබූ අධ්‍යාපනයේ බරින් උපයාගත් වචන,ඇෆ්ගන් කාන්තාවන් වෙත තලේබාන් පාලනයෙන් පනවා ඇති අසීමිත පීඩාවන්ගේ බර මුදවා හැරීමට අවශ්‍යය ලෝක අවධානය දිනා දෙමින් පැවසුවාය.


එක්සත් ජාතීන් මෙන්ම නේටෝ හමුදාවන් ද තලේබාන් පාලනය වෙත නැවත රට නතු කර ගැනීමට බලය දී එරටින් ඉවත්ව යාමනම් තවමත් සිතා ගන්නට නොහැකිය.මිනිසුන් කබලෙන් ලිපට ඇඳ දමා අන්තගාමී මූලධර්මවාදී ආගමික නිකායකට රටක් පවරා අත සෝදා ගැනීමටනම්,වසර ගණනාවක් එක්සත් ජාතීන්ගේ හමුදා සහ නේටෝ සංවිධානය ඇෆ්ගනිස්තානය අල්ලා ගෙන සිටියේ ඇයිද යන්න තවමත් විසඳා ගන්න අපහසු ප්‍රශ්නයකි.


ඔලිම්පික් ක්‍රීඩාවේ ජයග්‍රහණ පදක්කම්වලින්ම නොමැනිය හැකිය.ඇතැම් රටවල්,ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ඉඩ ඔවුන්ගේ මානුශීය ගැටළු ජයග්‍රහණ කරා යන්නට ලෝකයේ අවධානය දිනා ගන්නටත් භාවිතා කළ හැකිය.වසර ගණනක් ඇෆ්ගන් සාරය උරා බොමින් එක්සක් ජාතීන් සහ නේටෝ කළ දේ දෙස නැවත හැරී බලා එරට ජනතාවට,විශේෂයෙන් අසීමිත ලෙස පීඩාවට පත් කරන කාන්තාවන්ට සතුටින් ජීවත් වෙන්නට බිමක් හැදීම ගැන සිතන්නට කාමියා කළ බලපෑම දැන් ලොවම දන්නේය.එය අතහැර දැමිය නොහැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan