යන්න කලින් බයිඩන් නෙතන්යාහු අමතයි; සටන් විරාමයක අවශ්‍යතාවය අවධාරණය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊයේ(21)දිනයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දුරකථනයෙන් අමතමින් ගාසා හි ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් සඳහා සටන් විරාම ගිවිසුමකට යාමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ඉදිරි කයිරෝ සාකච්ඡා තීරණාත්මක බව පෙන්වා දුන් බව ධවල මන්දිරය පවසයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ මුලිකත්වයෙන් පලස්තීන ප්‍රදේශයේ සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් අනතුරුව බයිඩන් මෙලෙස නෙතන්යාහු අමතා තිබේ.

එළඹෙන නොවැම්බර් මස 5වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් අනතුරුව බයිඩන් සිය ධුරයෙන් ඉවත්වන බැවින් ඔහු සටන් විරාමයක අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන අතර පසුගිය ජුලි 31 වැනිදා ටෙහෙරානයේ හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීම හේතුවෙන් ඉරානය ඊශ්‍රයලයෙන් පලිගන්නා බවට ප්‍රතිඥා දී ඇති අතර කලාපිය වශයෙන් නොසන්සුන්තා ඉහළයාමත් සමඟ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද මිසයිල සබ්මැරීනයක් මැද පෙරදිගට යෙදවීමට නියෝග කර ඇති අතර ඊශ්‍රායලයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා කලාපය වෙත තම යෙදවීම වේගවත් කරන ලෙස ඒබ්‍රහම් ලින්කන් ප්‍රහාරක කණ්ඩායමට නියෝග කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...