රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ (LNW):

පවතින ආර්ථික හා සමාජ යථාර්ථය තුළ රාජ්‍ය සේවකයින් හට ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, පළපුරුද්ද, දරනු ලබන වගකීම හා ඉටු කරනු ලබන කාර්යභාරය වැනි සාධක පාදක කොට ගනිමින් වර්තමානයේ පවතින මූලික වැටුප ඉහළ දමන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය .ආර්. සෙනෙවිරත්න මහතා පවසන්නේ, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් පිළිබඳ සොයාබැලීමට පත් කළ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, පවතින උද්ධමනය හා ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන සියළුම රාජ්‍ය සේවකයින් සඳහා 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 25,000.00ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...