සටහන – රුවන් නෙළුගොල්ල
පාලන ව්‍යූහය, රාජ්‍ය සේවය ඇතුළු සමස්ත ක්‍රියාදාමයම ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා ගැනීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) සිංගප්පූරුවේ ඩිජිටල් සංවර්ධන හා තොරතුරු අමාත්‍යාංශය (Ministry of Digital Development and Information of Singapore) වෙත ගොස් තිබේ.
මේ දිනවල සිංගප්පූරුවේ සංචාරයක නිරතවන සජිත් ප්‍රේමදාස මහතා එම අමාත්‍යාංශයේදී “සුහුරු ජාතියක්” (Smart Nation) බවට පත්වීම සඳහා සිංගප්පූරුවේ පුරෝගාමී ගමන පිළිබඳ පුළුල් සාකච්ඡාවකට ද එක්වූ බවයි විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග Brandon LOH (Deputy Director – International Affairs division), Ryan Goh (Assistant Director – International Affairs division) සහ Lynette kwok (Deputy Director – GovTech) එක්ව සිටියහ.
Smart Nation 1.0 and 2.0
2014 වසරේ දී සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ගේ නායකත්වය යටතේ දියත් කරන ලද Smart Nation 1.0 සමඟින් ආරම්භ වූ සිංගප්පූරුවේ ඩිජිටල් උපාය විප්ලවයේ පරිණාමය මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානයට ලක් වූ අතර එහි දී රජයත් සමාජයත් ඩිජිටල් පරිවර්තනයක් සඳහා අඩිතාලම දැමූ ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට හැකිවූ බවත් මෙහි දී ඩිජිටල් නවෝත්පාදනය (digital innovation) වේගවත් කිරීමට, ඇතුළත් කිරීමට, පුළුල් කිරීමට සහ එදිනෙදා ජීවිතයට තාක්ෂණය ගැඹුරින් ඒකාබද්ධ කිරීමට උත්සාහ කරන අගමැති ලෝරන්ස් වොන්ග් විසින් 2024 දී හඳුන්වා දුන් Smart Nation 2.0 පිළිබඳව ද ඔහු මෙහි දී සාකච්ඡා කළ බවත් සඳහන්.
ප්‍රධාන ආයතන සහ මුලපිරීම්
සිංගප්පූරුවේ ඩිජිටල් පරිසර පද්ධතිය මෙහෙයවන ප්‍රධාන ආයතන කිහිපයක වැදගත්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සාකච්ඡාවල දී ඉස්මතු කර ඇත.
එනම්,
- තොරතුරු මාධ්‍ය සංවර්ධන අධිකාරිය (Infocom Media Development Authority – IMDA) – ඩිජිටල් කර්මාන්ත වර්ධනය සහ නවෝත්පාදනය අධීක්ෂණය කිරීම.
- සයිබර් ආරක්ෂක ඒජන්සිය (Cyber Security Agency -CSA) – සයිබර් තර්ජනවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ආරක්ෂාව සහතික කිරීම.
- රජයේ තාක්ෂණ ඒජන්සිය (Government Technology Agency -GovTech) – රජයේ සේවාවන් වෙනුවෙන් ඩිජිටල් විසඳුම් සඳහා පෙරමුණ ගෙන කටයුතු කරයි.
- ජාතික පුස්තකාල මණ්ඩලය (National Library Board -NLB) – ඩිජිටල් දැනුම බෙදා ගැනීම සහ ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම.
GovTech
පුරවැසියන් සහ ව්‍යාපාර සඳහා ඩිජිටල් සේවා සැලසුම් කිරීම සහ ලබා දීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන GovTech හි කටයුතු කෙරෙහි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ අවධානයක් යොමු වූ අතර ශ්‍රී ලංකාව සිය රාජ්‍ය සේවා සැපයීම නවීකරණය කිරීමට සහ තාක්‍ෂණය මත පදනම් වූ පාලනය වැළඳ ගැනීමට උත්සාහ කරන විට, ජාතික ඩිජිටල් අනන්‍යතා පද්ධතිවල සිට AI-ධාවනය කරන ලද රජයේ වේදිකා (AI-driven government platforms) දක්වා GovTech හි මුලපිරීම ශ්‍රී ලංකාවට වටිනා පාඩම් කියා දෙන බව හෙතෙම මෙහි දී සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය ශක්තිමත් කිරීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම සංචාරයට එක්වූයේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ප්‍රතිපත්තියට ශක්තිමත්, ආරක්ෂිත සහ පුරවැසි කේන්ද්‍රීය තාක්ෂණික රාමු මගින් සහාය දැක්වීම සහතික කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට බවත් සිංගප්පූරුවේ අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට විනිවිද පෙනෙන, කාර්යක්ෂම සහ අනාගතයට සූදානම් පාලන පද්ධතියක් ගොඩනැගීමට උපකාරී විය හැකි බව මෙහි දී අවධාරණය කෙරුණු බවත් විපක්ෂ නායක මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
