හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

Date:

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ඇරඹී තිබෙන බව පැවසුවා.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක මෙම සංචාරය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙන බවත්, ඒ තුළ අවිධිමත් ක්‍රියාවක් සිදුවී නොමැති බව දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නා.

එම වාර්තාව විමර්ශන නිලධාරීන් විසින් සැලකිල්ලට ගෙන නොමැති බවත්, ඒ ගැන සැලකිලිමත් වුවා නම් මෙවැනි නඩුවක් මතු නොවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

රටේ ජනාධිපතිවරයෙකුට ලැබෙන ඇරයුම් සියල්ල නිල ඇරයුම් බවත් මෙවැනි සංචාරවලට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ලක්ෂ්මන් කදිරගාමර් ,ලලිත් ඇතුළත්මුදලි වැනි නායකයින් සහභාගි වී තිබෙන බවත් පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයෙකුට සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට් පතක් ලබාගෙන විදේශයකට ගොස් කුලී රථවල ගමන් කරමින් මිත්‍රයින්ගේ නිවාසවල නවාතැන් ගනිමින් කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය රාජතාන්ත්‍රික තත්ත්වයක් නොවන බවත් සඳහන් කර සිටියා.

රනිල් වික්‍රමසිංහ මෙම බ්‍රිතාන්‍ය සංචාරයට සහභාගි වූයේ බ්‍රිතාන්‍යයේ වුල්ෆ් ඇම්ටන් විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා යොමු කළ ඇරයුමක් අනුව බවත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ලැබුණු ඇරයුමක් නිල ඇරයුමක් නොවන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියා.

ජනාධිපතිවරයා යනු පැය 24 ම වැඩ කරන පුද්ගලයෙකු බවත් ඔහුට මෙම ඇරයුම ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ වශයෙන් නොව ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් බවත් ඔහු පෙන්වා දුන්නා.

පැමිණිල්ල විසින් සඳහන් කළ මුදල් රෙගුලාසි අදාළ වන්නේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සභාවල ලේකම්වරුන්ට පමණක් බවත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා වැනි නිල දරන්නන්ට ඒවා අදාළ නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

තම සේවාදායකයාට හෘද රෝග මෙන්ම පාලනය කළ නොහැකි දියවඩියා තත්ත්වයන් හා රුධිර පීඩන තත්ත්වයක් පවතින බවත් ඔහුගේ බිරිඳ පිළිකා රෝගී තත්ත්වයක පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ වෛද්‍ය වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...

පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...