රාජිතට මොකද වුණේ?

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 22 කොළඹ LNW :

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ලබාදුන් අධිකරණ නියෝගය ඔහුට ලබාදීම සඳහා අධිකරණ නිලධාරීන් , හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ තලාහේන, මුත්තෙට්ටුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් තිබෙන බව වාර්තා වේ.

එහෙත් ඔහු නිවසේ නොසිටි බැවින් අදාල අධිකරණ නියෝගය නිවසේ අලවා ගොස් ඇති බව වාර්තා වේ .

අධිකරණ නියෝගය පිළිබඳ ඒ අවස්ථාවේ නිවසේ රැඳී සිටි මෙහෙකරුට අධිකරණ නිලධාරීන් දන්වා ඇති බවද සඳහන්.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් බදාදා නොතිසි නිකුත් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”