ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

Date:

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව සැප්තැම්බර් මුල වන විට එම පනත අහෝසි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

”ත්‍රස්තවාදය වැළැක්විමේ පනත එක්සත් ජාතින්ගේ සංවිධානය හෝ මානව හිමිකම් කවුන්සිලයෙන් කියන එකක් නෙමෙයි.අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වන එකක්.ඒ සම්බන්ධයෙන් අපි දැනටමත් බලයට පත් වෙලා කෙටිකාලයක් තුළ කමිටුවක් පත් කළා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ මුලිකත්වයෙන්. ඒ කමිටුව අවස්ථා ගණනාවක රැස් වෙලා ඒ අවශ්‍ය කරන සංශෝධනයන් සිද්ධ කරලා මේ මාසේ අඟ වෙනකොට අපි ඒක අවසන් කරලා සැප්තැම්බර් මුල වෙනකොට ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ඒ කෙටුම්පත ගැසට් කරන්න කටයුතු කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...

ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය කියන්න අගමැති මහ නායක හිමිවරු බැහැ දකියි – මාධ්‍යයටත් කතා කරයි !

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම...