අපේ පදනම සාධාරණත්වය හා සමානාත්මතාවයි – වැරදි කරලා නම් තරාතිරමක් අදාළ වෙන්නේ නෑ!

Date:

කොළඹ LNW: මේ වන විට තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එය පොලිස්පති ද ? නියෝජ්‍ය පොලිස්පති ද ? මන්ත්‍රීවරයෙක්ද? ඇමතිවරයෙක්ද? හිටපු ජනාධිපති ද? යන්න ඊට අදාළ නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

යම් අයෙක් වරදක් කර ඇත්නම් එම තැනැත්තා නීතිය ඉදිරියට ගෙන ඒමට පසුබට නොවන අතර එය පෙනෙන්නට තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අපරාධයක් වූ විට වින්දිතයින්ට සාධාරණය ඉටුවිය යුතු අතර අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු හෙයින් ජාතික ජන බලවේගය සාධාරණත්වය,සමානාත්මතාව මත පදනම් වූ රාජ්‍ය පාලනයක් මෙහෙයවමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.

මේ වන විට අල්ලස,දුෂණය සම්බන්ධයෙන් විශාල විමර්ශන ප්‍රමාණයක් දියත්ව තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පසුගිය කාලය වින්දිතයින්ට සාධාරණයක් ඉටුනොවී තුළ අපරාධ බොහොමයක් වසන්ව දැන් තත්ත්වය වෙනස වී තිබෙන හෙයින් සෑම වින්දිතයෙක්ටම සාධාරණය ඉටුකරන බවද සහතික වෙන බවයි අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...

මෙලීසා කළ හානිය පියවන්න කෝ ගේ සහය

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ජැමෙයිකාවට මෙලිසා සුළි කුණාටුවෙන්...

සනත් සහ හෙසන් හරහා ලංකාවේ ජයග්‍රහණය දෙසට හැරෙමු

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: පකිස්තානය සහ ශ්‍රී ලංකාව...