ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් 08 දෙනෙකු ඇපමත මුදාහැර තිබෙනවා. මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් ඇපමත මුදා හැරීමටයි අධිකරණය තීරණය කර තිබෙන්නේ.
මැයි 09 වැනිදා ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා අසමත් වූ බවට චෝදනා එල්ල වූ අතර ඉන් දින කිහිපයකට පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා මහමගදී ප්‍රහාරයකට ලක්විය.
අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් අදාල චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
UN