වෛද්‍යවරුන් රට හැර යන්නේ බාල බෙහෙත් දීලා මිනිස්සු මරන්න බැරි නිසා – NPP සමන්ත (VIDEO)

Date:

මේ වනවිට වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යමින් සිටින්නේ බදු ප්‍රශ්නය නිසාම නොව බාල ඖෂධ ප්‍රශ්නය නිසා යැයි වෛද්‍යවරුන් කණ්ඩායමක් තමන් හමුවී පැවසූ බව ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“බුද්ධිමතුන් මෙහේ ඉඳන් ගලාගෙන යනවා වෙනත් රටවලට. වෛද්‍යවරුන් යනවා, ආචාර්ය මහාචාර්යවරුන් යනවා, උගත්තු නීතීඥ මහත්වරු ඉංජිනේරු මහත්වරු යනවා. වෘත්තිකයෝ යනවා. ඔක්කොම යනවා රටින්. හැළිය රත්වෙනකොට සමහරු යනවා. දැන් ඔය සමහරු යන්නේ ඇත්තටම බදු ගහනවාට, දඩ ගහනවාට විතරක් නෙවෙයි. මට ඔය එක වෛද්‍යවරුන් කණ්ඩායමක් හමුවෙච්ච වෙලාවක කිව්වා ‘ඔබතුමාලා ඔය රැස්වීම්වල අපි රට අතෑරලා යනවා කියලා කියන්න එපා’ කියලා. මං කිව්වා ‘ඉතින් යනවානෙ ..’ කියලා. ‘අපි යන්නෙ මේ බදු ගහන හින්දාමත් නෙවෙයි’ කිව්වා. මං ඇහුවා ‘එහෙනම් මොකක්ද ප්‍රශ්නෙ ?’ කියලා. අපට බෑ කිව්වා මේ තියෙන බාල බෙහෙත් දීලා මිනිස්සු මරන්න. අපට බෑ කිව්වා අපේ දැනුම තියාගෙන නිකම් ඉන්න. මැෂින් ටික කැඩිලා නම්, ඔපරේෂන් එකක් කරගන්න බැරිනම් කොහොමද අපි ඉන්නේ කියලා. අපි අපේ වෘත්තිය කරන්න ඕනෙ නේද ? ගහන ඉන්ජෙක්ෂන්වලින් මිනිස්සු මැරෙනවා නම්, නිර්වින්දනය කළාම සදාකල්ම නින්දට යනවා නම් මොකක්ද කරන්නෙ ? ඉතින් සමහර නිර්වින්දන වෛද්‍යවරු පැදුරටත් නොකියාම යනවා”

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...