ළදරුවන් හත් දෙනෙකු ඝාතනය කිරීම හේතුවෙන් ලුසී ලෙට්බිට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

Date:

උතුරු එංගලන්තයේ කවුන්ටස් ඔෆ් චෙස්ටර් රෝහලේ නව ජන්ම ඒකකයේ හෙදියක් ලෙස සේවය කරමින් සිටි 33 හැවිරිදි ලුසී ලෙට්බි 2015 සිට 2016 දක්වා කාලය තුළ බිලිඳුන් හත් දෙනෙකු ඝාතනය කර තවත් හය දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරදකරු වීමත් සමග මැන්චෙස්ටර් ක්‍රවුන් උසාවි ඇයගේ ක්‍රියාව හෙලා දකිමින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර ඇති බව වාර්තා වේ.

ලෙට්බි බන්ධනාගාරයේ සිට වීඩියෝ ලින්ක් හරහා නඩු විභාගය අනුගමනය කිරීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර මෙම හෙදිය අලුත උපන් බිළිඳුන්ට කිරි අධික ලෙස පොවා, ඉන්සියුලින් විෂ හෝ වාතය ලබා ගැනීම අඩාල කරමින් මෙම ඝාතනයන් සිදුකර ඇතිබව අනාවරණය වී තිබේ.

නූතන බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දරුණුතම ළමා ඝාතකයා ලෙස මාධ්‍ය හදුන්වන ලුසී ලෙට්බි එක්සත් රාජධානියේ එවැනි සිරදඬුවමක් ලබා දී ඇති ජීවතුන් අතර සිටින කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙකි. 1970 සහ 1980 ගණන් වලදී අවම වශයෙන් තරුණියන් නව දෙනෙකුට වධ දී මරා දැමූ රෝස් වෙස්ට් සහ 2013 දී පීටර්බරෝ අගල් මිනීමැරුම් ලෙස හැඳින්වූ පිරිමින් තිදෙනෙකු ඝාතනය කළ ජොආනා ඩෙනීහි මුළු ජීවිත කාලය පුරාම සිර දඩුවම් නියම වූ අනෙක් දෙදෙනාය.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...