*
Monday, May 20, 2024
spot_img

Latest Posts


අක්‍රමිකතාවලට යොමුවන්නන්හට දඬුවම් – බන්දුල ගුණවර්ධන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කොළඹදී පැවති වැඩසටහනකට එක් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූවේ , අක්‍රමිකතාවයට දායක වන සියලුදෙනාට කිසිදු දේශපාලන, පක්ෂ පාට, තරාතිරමකින් තොරව සේවය අත්හිටුවා පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව උපරිම දඬුවම් දෙන බවයි.

එම අවස්ථාවේ , මාධ්‍යවේදීන් ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරීම පිළිබඳ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,

” ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලනයට පාලනය කළ නොහැකි තරමට ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් දිනපතා එහි ආදායමෙන් විශාල ප්‍රමාණයක් බෙදාගැනීම පුරුද්දක් බවට පත් කරගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ලංගම වැටලීම් ඒකකය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම නිසා දිනපතාම මගීන් විශාල පිරිසකට ප්‍රවේශ පත් ලබා නොදීමෙන් ලක්ෂ සියයකට අධික මුදලක් ආයතනයට අහිමි වන බව පෙනී ගොස් තිබෙනවා.

මෙම අක්‍රමිකතාවය වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා අතර, එහි එක් පියවරක් ලෙස ලංගම හදිසි වැටලීම් ඒකක විසුරුවා හැරීමට පියවර ගෙන තිබෙනවා “

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එළඹෙන සතිය වන විට ලංගම ප්‍රාදේශිය වශයෙන් ජංගම වැටලීම ඒකක 12ක් ස්ථාපිත කරන්නට තමන් සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan