*
Friday, October 4, 2024
spot_img

Latest Posts

වැටී ඇති මර උගුලින් රට මුදවා ගැනීමට දත්ත කේන්ද්‍රීය නිර්මාණශීලී ගමනක් යා යුතු යි – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අද අප බහුවිධ අවදානම් තත්ත්වයකට මුහුණ දෙන බවත් සෑම පැත්තකින්ම මර උගුලක් ඇති බවත් එයින් මිදීම සඳහා ගතානුගතික ඉපැරණි යල්පැනගිය ජරාජීරණ වු පරණ අදහසවලට කොටු නොවී අලුත් ආකාරයට සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ණය මර උගුල, කර්මාන්ත කඩා වැටීම තුළ මර උගුලක්, රටේ ආර්ථික එංජිම වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ කර්මාන්ත විනාශ මුඛය කරා යන මර උගුලක් ඇති බවත් දරුවන් ළදරුවන්ගේ සහ මව්වරුන්ගේ අයිතින් උල්ලංඝනය වන අතර 52%ක් වු කාන්තාව අතිමහත් බහුතරයක් නිවසේත් මහමගත් වැඩපොළේත් පීඩනයට හිංසනයට ප්‍රචණ්ඩත්වය ලක්වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

තරුණයන් රට අතහැර යාම බුද්ධිමතූන් උගතුන් බුද්ධි ගලනයට ලක් වීම වැනි තත්ත්වය උඩ මේ ගැටලුවලට සුපුරුදු ක්‍රමවේදයෙන් බැහැරව අලුත් ලෙස සිතා නිර්මාණශීලිව සිතා දත්ත කේන්ද්‍රීය, සාක්ෂි කේන්ද්‍රීය ප්‍රතිපත්ති සකස් කර ඒවා දිනවකවානු සහිතව ක්‍රියාත්මක කිරීම කළ යුතු බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවැති තරුණ වෘතියවේදින්ගේ සංගමයේ සමුළුව අමතමිනි.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයෙන් පසු රටේ ප්‍රතිපත්ති අධීක්ෂණය, තක්සේරුව, ප්‍රකාශිත ඉලක්ක සම්බන්ධයෙන් සොයා බැලීමත්, අඩුපාඩු ඇත්නම් වැරදි හදාගැනීමේ වැඩපිළිවෙළක් නොමැති බවත් ඒ නිසා වචනයේ පරිසමාප්තියෙන්ම වෘත්තිමය ක්‍රමවේදයක් තුළ රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක විය යුතු බවත් එය හුදෙක් රටේම අයිතිය පාලක පැලැන්තියට සින්නක්කර ඔප්පුවකින් ලබා දීම නොව තාවකාලික අයිතියක් විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ තාවකාලික භාරකරීත්වය පණට වඩා රැකගෙන මේ ප්‍රපාතයෙන් ක්‍රමිකව ගොඩගත යුතු බවත් එ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් වැඩිදුරටත් පැවසීය.

මෙම සමුළුව මෙහෙයවීම නීතිඥ ලිහිනි ප්‍රනාන්දු මහත්මිය විසින් සිදු කළ අතර පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා, පා.ම. හර්ෂණ රාජකරුණා, පා.ම. එරාන් වික්‍රමරත්න සහ විශ්‍රාමික ජනරාල් මහේෂ් සේනානායක සාකච්ඡා මණ්ඩපයේ සාමාජිකයන් ලෙසින් එක්වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan