සටහන – රුවන් නෙළුගොල්ල
ජල ගාස්තු අඩුකිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් නිකුත් කර තිබේ.
මෙම ගාස්තු සංශෝධනය 2024 අගෝස්තු 21 වන දින සිට ක්‍රියාත්මක වේ.
මෙහිදී ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු 7% කින්ද, රජයේ රෝහල්වල ගාස්තුව 4.5% කින්ද, පන්සල් සහ ආගමික ස්ථානවල ගාස්තුව 6.3% කින්ද අඩු කර ඇත.
ඒ අනුව, සමස්තයක් ලෙස 5.94% කින් ජල ගාස්තු අඩුකර තිබේ.
මේ පිළිබඳ වැඩි විස්තර ඇතුළත් සම්පූර්ණ ගැසට් නිවේදනය කියවීම සඳහා මෙතැනින් යොමුවන්න.