ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් ජනපති රනිල්ගේ සහායට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ (LNW):

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති – හිටපු වැඩ බලන මහ ලේකම් රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය සමග අත්වැල් බැදගනී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මහතාගේ සහාය, මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට මීට සුළු වේලාවකට පෙර සහතික වූ බව පැවසේ.

මීට සුළු වේලාවකට පෙර ෆලවර් රෝඩ් හි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී, රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් දෙදෙනා මෙසේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සදහා එක්ව බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති අංගජන් රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරමින් 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වූ අතර 2015 වසරේදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූවේය. 2020 වසරේදී පැවති මහ මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ඔහු පාර්ලිමේන්තුවට දෙවන වරටත් තේරී පත්වූවේය. ඔහු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටී. පාර්ලිම්න්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නේ අංගජන් රාමනාදන් මහතාය.

සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා 2015 වසරේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූවේය. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු මේ වන විට පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් ලෙස කටයුතු කරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...