ඉරානයේ නව ජනාධිපති යටතේ මරණ දණ්ඩනය ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානයේ මධ්‍යස්ථ මතධාරියකු වශයෙන් සැලකෙන නව ජනාධිපති Masoud Pezeshkian තේරී පත්වීමෙන් පසු මරණීය දණ්ඩනය ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

ජූලි මාසයේදී අවම වශයෙන් පුද්ගලයන් 87 දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දී ඇති අතර මෙම අගෝස්තු මසදී එම සංඛ්‍යාව 29 වශයෙන් සඳහන් වේ. මෙත් සමඟ ඉරානයේ සිරගත කරන ලද කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ ඉරණම පිළිබඳව බියක් පවතී.

ඉරානයේ හිජාබ් නීතිය උල්ලංඝණය කළ බවට අත්අඩංගුවේ සිටියදී මියගිය 22 හැවිරිදි මහ්සා අමිනීගේ මරණයෙන් අනතුරුව රට පුරා කාන්තාව, ජීවිතය, නිදහස යන විරෝධතාවලට සහභාගී ව අත්අඩංගුවේ පසුවන්නන් වෙනුවෙන් මෙම මරණ දණ්ඩනය පනවා තිබේ.

ඒ අනුව, ඉරානයේ මානව හිමිකම් සඳහා වූ මධ්‍යස්ථානය (CHRI) පැවසුවේ දේශපාලන සිරකරුවන් කිහිප දෙනෙකුට ව්‍යාජ චෝද සහ බලහත්කාර පාපොච්චාරණ මත පදනම් වූ දීර්ඝ කාලීන සිරදඬුවම් තුළින් මත පදනම්ව මරණ දණ්ඩනයට ලක්වීමේ අවදානමක් පවතින බවත් කාන්තාවන් විසින් මෙහෙයවන පෙළපාලි නැවත සිදුවීම වැළැක්වීම සඳහා සියලු ආකාරයේ මර්දනයන් ක්‍රියාත්මක කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...