*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තියේ වෙනසක් වෙන්නේ නැහැ.එය ආරක්ෂිතයි – අනුර මහා සංඝ රත්නය ඉදිරියේම සහතික වෙයි!

කොළඹ LNW:අද අවශ්‍ය වන්නේ අනෙකාගේ අධ්‍යාත්මය තුවාල නොකරන අනෙකාගේ අධ්‍යාත්මයට රිදුම් නොදෙන සංස්කෘතීන්,ඇදහිලි, විශ්වාසයන් එලෙසම පිළිගනිමින් ඒවාට ගරුකරමින් කටයුතු කරන පාලනයක් බවත් එවැනි සමඟි සම්පන්න ආණ්ඩුවක් ජාතික ජන බලවේගය විසින් ගොඩනගන බවත් එහි නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

දිසානායක මහතා මේ බව කියා සිටියේ අද (23) කොළඹදී පැවති ”සඟරුවනේ මහ පෙළහර” ජාතික භික්ෂු පෙරමුණේ සමුළුව අමතමිනි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය ඉවත් කිරීමට කටයුතු කරන බවට වන ප්‍රචාරය සම්බන්ධයෙන් බොහෝ දෙන තමන්ගෙන් විමසමින් තිබෙන අතර එවැන්නක් සිදුනොවන බවත් එය එලෙසම පවතින බවත් ස්වාමීන් වහන්සේලා ඉදිරිපිට තමන් සහතික වන බවයි දිසානායක මහතා අවධාරණය කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තියෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් පිරිනමන බවයි.

2015 -2019 කාලයේ පැවති නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වූ කමිටුවේදී හෝ කිසිවෙක් එම වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් නොකළ බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය.

පොදු සමාජයටද එවැනි කිසිදු වුවමනාවක් නොමැති බවයි අනුර දිසානායක මහතා කියාසිටියේ.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුලදී ඉවත් කරන බවට සමාජය තුළ ඇතැමුන් භීතියක් ගොඩනගමින් තිබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

අපි ගොඩනගාගත් පවුරු පදනම් සුණු විසුණු කරගත් රජයක් ගොඩනැගීම ජාතික ජන බලවේගයේ බලාපොරොත්තුව නොවන අතර අපගේ අක්මුල් විහිදුණු ඒ ශක්තියේ ගොඩනැංවීම ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන්නේ කෙසේද යන්න තීරණය කිරීම අවශ්‍යතාව බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

”අපි මේ ශිෂ්ටාචාරයේ පවුරු පදනම් පිළිබඳ අවබෝධයක් සහ ඒ මත අපේ ඉදිරි දැක්ම නිර්මාණය කිරීම සඳහා වෙහෙසෙන දේශපාලන ව්‍යාපාරයක්.අපි අක්මුල් නැති ජාතියක් ගොඩනැගීමේ දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. මහපොළවත් එක්ක ඓන්ද්‍රීය සබඳතාවක් තියෙන දේශපාලන ව්‍යාපාරයක්. ඒ විතරක් නෙවෙයි අපේ භික්ෂු සමාජය ගත්තොත් දීර්ඝ ඉතිහාසයකට උරුමයකට හිමිකම් කියනවා. අපේ සමාජය කොයි හෝ මොහොතක අසරණභාවයට පත්වෙනවාද ඒ මොහොතේදී අපේ භික්ෂු සමාජය ඉතාමත් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකරලා තියෙනවා. රට කොතැනක හෝ අනතුරුකාරි තැනකට පත්වෙනවද අපේ හාමුදුරුවන් වහන්සේලා පෙරට ඇවිල්ලා ඒ කාර්ය භාරයට උරදීලා තියෙනවා. ඒ නිසා අපේ ශිෂ්ටාචාරය ගොඩනැගීමේ පමණක් නෙවෙයි අපේ හාමුදුරුවන් වහන්සේලාගේ සමාජ භාවිතාව සමාජ වගකීම පැත්තෙන් බැලුවොත් ඉතාමත් ප්‍රගතිශීලි කාර්ය භාරයක් කරපු භික්ෂු සමාජයක් ලංකාවේ තියෙන්නේ. හෙටත් මම හිතනවා මේ පාලකයන්ට මඟ පෙන්වීමට සමත් වෙන ශ්‍රේෂ්ඨ සංඝ සමාජයක් ලංකාවේ වැඩවාසය කරනවා. මිහිදු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් දේවානම්පියතිස්ස රජුට කිව්වා කොහොමද දැහැමි පාලකයෙක් වෙන්නේ කියල. මම හිතනවා අදත් මේ පාලකයන්ට ඒ දේශනාවන් වැදැරීමට උනන්දු කරවනවා තත්ත්වයන් තියෙන්නේ……

අනෙකාට රිද්දන ආණ්ඩුවකින් කවදාවත් බැහැ ජාතික සමඟිය ඇතිකරන්න. ඒ නිසා අපිට පැවරී තිබෙන වගකීම් අතර ප්‍රධානම වගකීම තමයි අපි ආණ්ඩුවක් සැදිය යුතුයි නමුත් අනෙකාට එරෙහිව නෙවෙයි සියලු දෙනාම එකතු කරගත් සමඟි සම්පන්න ආණ්ඩුවක්. ලංකාවේ එක වතාවක් හරි අපිට ඒ වැඩේ කරන්න ඕනේ අපේ හාමුදුරුවනේ. අපේ ඉතිහාසයම ආණ්ඩු හදන්න මෙවලම් බවට පත්කරගත්තේ අනෙකට සතුරුභාවය. ඇයි හරි ලේසියි කූද්දවන්න. අපි ඉපදෙනකොට හිස් කලයක්. ඒ කලයට අපි වතුර දානවා. මම ඉපදෙන හැදී වැඩෙන පරිසරය විසින් මට වතුර දානවා. ඉපදෙන කොට හිස්කලයක් වුණාට මගේ කාලය පිරෙනවා සිංහල බෞද්ධ ආධ්‍යාත්මයෙන්. ඒක පාඩම් පොතේ කතාවක් නෙවෙයි. ඒක මැෂින් එකක කතාවක නෙවෙයි. ඒක අපේ ජිවිතයේ ආධ්‍යාත්මයේ කා වැදිලා තියෙන කතාවක්. අනෙක් සෑම දෙයකටම වඩා ඒක ප්‍රබලයි.” යනුවෙන් අනුර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan