සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 23:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවෙන් ආනයනය කරනු ලබන බොරතෙල් වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට අමතර 25%ක බදු පැනවීමත් සමඟ ඒ පිටුපස සිටින යාන්ත්‍රනය හා මෙම බොරතෙල් වලින් ලාභ ලබන්නේ කවුරුද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව ඉන්දීය තෙල් ආනයන කරුවන් දෙස බැලීමේදී මුළු ආනයන වලින් සැලකියයුතු ප්‍රමාණයක් ගෙන්වමින් ඉන්දියාවේ රුසියානු බොරතෙල් විශාලතම ආනයනකරු වන්නේ ඩොලර් බිලියන 118ක වත්කම් සහිත දකුණු ආසියාවේ ධනවත්ම මිනිසා වන මුකේෂ් අම්බානි විසින් මෙහෙයවනු රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් (RIL) බව කාගේත් කතාබහට ලක්ව ඇත.
2021 වසරේදී රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් (RIL)විසින් ආනයනය කරන ලද 3%ක් වූ තෙල් අපනයනය මේ වන විට 50% දක්වා ඉහල ගොස් ඇති අතර ඒ වෙනුවෙන් ඉන්දියාවේ සියලුම අපනයන වෙනුවෙන් 25%ක අමතර බද්දකට මුහුණ දීමට ඉන්දියාවේ සියලුම ව්‍යාපාරිකයන්ට සිදුව තිබේ.
RIL යටතේ ක්‍රියාත්මක වන ජම්නගර් පිරිපහදුව 2023 පෙබරවාරි සිට පසුගිය මාසය දක්වා ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 85.9 ක තෙල් පිරිපහදු කර ඇති බව සොයා ගෙන ඇති අතර එම අපනයනවලින් ඇස්තමේන්තුගත සියයට 42 ක් (ඩොලර් බිලියන 36) රුසියාවට සම්බාධක පැනවූ රටවලට ගොස් ඇති අතර RIL හි ජෙට් ඉන්ධන අපනයනවලින් අඩකට වඩා EU වෙත ගොස් තිබේ.
RIL ට පසුව, රජය සතු තෙල් හා ගෑස් දැවැන්තයා වන රොස්නෙෆ්ට් ඇතුළු රුසියානු සමාගම් විසින් බහුතරයක් හිමිකරගෙන ඇති නයරා එනර්ජි, රුසියානු බොරතෙල් විශාල ආනයනකරුවෙකු වී ඇති අතර ජම්නගර් වලින් පසු ඉන්දියාවේ දෙවන විශාලතම පුද්ගලික පිරිපහදුව වන එහි වඩිනර් පිරිපහදුව, මේ වසරේ එහි මුළු බොරතෙල් ආනයනයෙන් සාමාන්‍යයෙන් සියයට 66 ක් රුසියාවෙන් ලබා ගෙන ඇත.
එක් සමාගමක ප්‍රයෝජනය සඳහා පමණක් ඉන්දියාව අතිරේක තීරුබදු වල පිරිවැය දරන බව පේන්නට තිබුනද ලාභයෙන් වැඩි කොටසක් රිලයන්ස් වෙත ගියත්, ඉන්දියානු රජය රුසියාව සමඟ මෙම වෙළඳාම දිගටම කරගෙන යාම කටයුතු කරන බව පෙනේ,
කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, රුසියානු තෙල්වල විශාලතම ආනයනකරු චීනය වුවද, ඉන්දියාව එක්සත් ජනපද වෙළඳ ඉල්ලීම්වලට යටත් නොවීම පිළිබඳව ට්‍රම්ප්ගේ කලකිරීම ඇතුළු අනෙකුත් ගැටළු නිසා ඉන්දියාව අමතර තීරුබදු වලට මුහුණ දී සිටින බවයි.