නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ නගරයට සැතපුම් 30 (කිලෝමීටර් 48) නැගෙනහිරින් පිහිටි පෙම්බ්‍රෝක් නගරය අසල සංචාරකයන් 52දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව නිව්යෝර්ක් ප්‍රාන්ත පොලිසිය වාර්තා කර තිබේ.

එක්සත් ජනපද-කැනඩා දේශසීමාවේ නයගරා දිය ඇල්ලේ සිට නිව්යෝර්ක් නගරයට ආපසු යමින් සිටියදී වාහනය පාලනයෙන් ගිලිහී අනතුරට ලක්ව ඇති අතර මියගිය අයගෙන් වැඩි දෙනෙක් ඉන්දියාව, චීනය සහ පිලිපීනය යන රටවලින් පැමිණි සංචාරකයින් වන බවයි.

නිව්යෝර්ක් ප්‍රාන්ත පොලිස් භට කණ්ඩායම් අණදෙන නිලධාරී ඇන්ඩ්‍රේ රේ මේජර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනතුර සමබන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, අනතුරට හේතුව විමර්ශනය කරන බවත්, සමහර පුද්ගලයින් වාහනයෙන් ඉවතට විසිවී ඇති බවත්, බොහෝ දෙනෙක් ආසන පටි පැළඳ නොසිට ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘මර්දනය ඇති’: Kais Saied ට එරෙහිව ටියුනීසියානුවන් දහස් ගණනක් විරෝධතා දක්වයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපතිවරයාගේ විසම්මුතියට එරෙහි...

රැල්ල හැරිලා ඉවරයි

විපක්ෂයේ පළමු විරෝධයම අති සාර්ථකයි. මම වුණත් මුලින් හිතුවේ...

ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 24 දෙනෙකු ඝාතනය වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා විසින්...

නිකුත් කිරීම නතර කර තිබූ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : දිගු කාලයක සිට...