ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනාගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ

0
385

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ මෑණියන් වූ අජන්තා නිල්මිණි ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

පසුගිය කාලයේ අසනීප තත්වයෙන් පසුවූ ඇය ඊයේ (22) පෞද්ගලික රෝහලකදී මියැදෙන විට 73 හැවිරිදි වියෙහි පසුවූවාය.

කොළඹ විශාකා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යාවක් වූ ඇය සමාජ ක්‍රියාකාරිනික ලෙස ප්‍රකට තැනැත්තියකි.

අජන්තා නිල්මිණි ද සිල්වා මහත්මියගේ දේහය අද (23) පෙරවරුවේ සිට කොළඹ බොරුල්ල ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 3.00ට දී බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීයකු පැවසිය.

UN