යළිත් තෙල් පෝලිම් ඇතිවන ලකුණු – ඉන්ධන නිකුත් කිරීම සීමා කරලා !

Date:

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීම දිනෙන් දිනම සීමා කරමින් තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. මෙම තත්වය මත යළිත් ඉන්ධන පෝලිම් ඇතිවීමට ඉඩ තිබෙන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

QR කේතය අනුව ඉන්ධන අලෙවි කිරීම ආරම්භ කිරීමත් සමග ඉන්ධන පෝලිම් අවසන් වූ අතර මේ වනවිට කිසිදු ඉන්ධන පිරවුම්හලක පෝලිම් දක්නට නොලැබේ. මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පැහැදිලි අඩුවක් තිබෙන බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ.

මේ වනවිට සතිපතා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කර ඇති බවත්, ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන නිකුත් කරද්දී ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් සඳහා ඉන්ධන සීමා කිරීම ගැටලුවක් බවත් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...