දැක්කද ඉබ්බා …?

Date:

හාවා එදා කීවදේ ඇහුවානම්
බෙලි නෙවෙයි හම්බවෙන්නේ..
තල් අත්ත උඩට
බෙලි ගෙඩියක්මයි වැටුනේ කියලා
සිංහය කොහොමද දන්නේ..

ඊටත් එයා හිටියේ
කතා වාටියේ දුරම කොනේ.

බෙලි කතාව
කියවා නොතිබුනි නම්
නිව්ටනුත් දුවනවා..
බැලුවම
ගුරුත්වාකර්ශනේ මුල්ගුරු අර හාවා
ඔය කතාවෙ කොතනකදී හරි
ඔබ දැක්කද ඉබ්බා….?

නිව්ටන්ට වඩා දුර හිතනව
ඇපල් වෙළෙන්දා .

සැප නින්දේ මැදලස්සට
මිදි ඇපල් වැටෙන්නට පුළුවන්
වනදෙව්ලියො සුරඟනන් වුණත්
සයනයට පනින්නට පුළුවන්..

හාමතේ නිදන දන හට
සැප හීන කොයින්දා
අඹ වනේ ඉසව්වෙදි
අහසින් වැටුණා ඉබ්බා.

~ ටිම්රාන් කීර්ති

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි දිනවල වැසි තත්වයේ වර්ධනයක් – අද (04) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ...

වසරකට කලින් බංකොලොත් වූ රටක මහාභාණ්ඩාගාරය වසරක් තුළ පිරෙන්නෙ අපේ අවංකත්වය නිසා – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය බලයට පැමිණ ගතවූ...

උද්ධමනය හා ජංගම ගිණුම

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1%ක්...

අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති මධුරෝගේ ඉරණම කෙසේ විසඳෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට...