පුළුවන් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පුළුවන් එකම විකල්පය රනිල් – රනිල්ගේ ජය වෙනුවෙන් කළුතර රාජිත සමඟ එක්වෙයි!

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (23) පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ කළුතර ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් අතර හමුවක් පවත්වා තිබුණි.

මෙම අවස්ථාවට මෙම අවස්ථාවට වෛද්‍ය රාජිත සේනරත්න මහතා සමඟින් නගර සභා, ප්‍රාදේශීය සභා සහ පළාත් සභා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, සහ ක්‍රියාකාරීන් රැසක් එක් වී සිටියහ.

එහිදී අදහස් දැක්වූවන් කියා සිටියේ ජනාධිපතිකම බන්දේසියක තබා හැමදෙනාගේම දෙපතුල ළඟට රැගෙන ගියද අවසානයේ කෝටි දෙකකට වැඩි ජනතාවගේ අනාගතය තනි මිනිසකු වන රනිල් වික්‍රමසිංහ මහතා කරට ගත් බවයි. මේ මොහොතේ රට තුළ පවතින සියලු ක්‍රියාකාරකම් පවතින්නේ එම භාරදූර වගකීම ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහ කරට ගත් බව නිසාද ඒ කෙළෙහි ගුණ සැලකීමට මෙය අවස්ථාවක් කර ගන්න යයිද ශ්‍රී ලාංකික සියල්ලගෙන්ම ඉල්ලා සිටින බවත් දේශපාලන නියෝජිතයෝ වැඩිදුරටත් කියා සිටියහ.

සමඟි ජන බලවේගය සමඟ කටයුතු කරන කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් රාජිත සේනාරත්න මහටහට එරෙහිව කතා කළද මෙතෙක් කළුතර දිස්ත්‍රික්කය තුළ විවිධ පක්ෂ පාටවලට බෙදී වෙන් වෙන්ව තරග කළ නගර සභා, ප්‍රාදේශීය සභා සහ පළාත් සභා අපේක්ෂකයින් බහුතරයක් රාජිත සේනාරත්න මහතා සමග එක්ව සිටීම කැපී පෙනුණි.

පැමිණ සිටි සියලුම දෙනාගේම ඒකමතික තීරණය වූයේ පුළුවන් ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා මේ මොහොතේ “පුළුවන් එකම විකල්පය” වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් කෙටිකාලීන විසඳුම් සෙවීමට ගොස් 2019 දී මෙන් දිගුකාලීන විපාක විඳීමට ඔවුන් සූදානම් නැති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...