*
Friday, October 4, 2024
spot_img

Latest Posts

අද තරඟය තියෙන්නේ සජිත් සහ අනුර අතරේ!

කොළඹ LNW:ජනාධිපතිවරණ ජන්ද සටනේ තරඟය ඇත්තේ සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ මහතා පවසන ස්ථාවරත්වය තාවකාලික හෙයින් රට නැවත බන්කොලොත්වීමේ අවදානමක් පවතින එළඹෙන ආණ්ඩු සිහිතබාගෙන වැඩ කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

” අද තරඟය තියෙන්නේ සමඟි ජන බලවේගයත් ජාතික ජන බලවේගයත් අතර. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා අපි මතක තබාගන්න ඕනේ මේ රට අද ලබාගෙන තියෙන්නේ තාවකාලික තත්ත්වයක් කියන එක මතක තබා ගන්න ඕනේ. 2022 තිබිච්ච ඒ මහා පරිමාණ තෙල් පෝලිම් නැහැ. විදුලි කප්පාදුව නෑ. බෙහෙත් තියෙනවා,පොහොර තියෙනවා කියල අපට කියනවා. නමුත් මතක තබා ගන්න අපේ රජය යටතේ 2015 ඔබ හැම දන්නවා අපි තෙල් මිල බැස්සුවා. පෙට්‍රල් මිල රු. 154 ඉදන් රු.117ට මතකයි නේද? ඩීසල් මිල බැස්සුවා රු.134 ඉදන් රු.95ට මතකයි නේද? විදුලිය බිල බැස්සුවා රු.16.20 ඉදන් රු.15ට විදුලි ඒකකය. එහෙමත් කරලා ඒ ආයතන ලාභ කරලා ඒ ශක්තිය අපි ජනතාවට ලබා දුන්නා. නමුත් අද විදුලි ඒකකය තුන් ගුණයකින් වැඩි කරලා,තෙල් මිල තුන්ගුණයකින් වැඩිකරලා,බෙහෙත් මිල හතරපස් ගුණයකින් වැඩිකරල,පොහොර මිල හත් අට ගුණයකින් වැඩිකරලා තමයි මේ කියන ස්ථාවරත්වය කියන එක අරන් තියෙන්නේ. කොටින්ම කිවොත් ණය ගෙවීම 2028 න් ඔබ්බට කල් දමල තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ස්ථාවරත්වය කියන එක අරන් තියෙන්නේ. ඒ නිසා එළඹෙන ආණ්ඩු මතක තබාගත යුතුයි නැවතත් රට බංකොලොත් වෙන්න ඉඩ තියෙනවා. තවදුරටත් මේ රට අත්හදා බැලීම් කරන්න ගියොත්,විප්ලවීය අත්හදා බැලීම් කරන්න ගියොත් රට නැවත නැවතත් බංකොලොත් වෙලා ජනතාවට මුහුදට පනින්න වෙන තත්ත්වයක් උද වෙන්න නියමිතයි. ඒක වළක්වා ගන්න නම් පළපුරුදු පිරිසක් කළමනාකාරීත්වය සහිත පිරිසක් රට භාර අරගෙන රට ඉදිරියට ගෙනියන්න වැඩකටයුතු කළ යුතුයි.” යනුවෙන් රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan