මම බලයට පත්වුණාම පාස්කු ප්‍රහාරයට ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරනවා – විජයදාස රාජපක්ෂ

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් නොවිසදුණු ගැටළු කිහිපයක් පවතින අතර තමන් බලයට පත් වූ පසු ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ අකර වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (23) කොළඹ අගරදගුරු මැදුරේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”කොස්කු ප්‍රහාරය ගැන නොවිසදුනු ගැටළු කිහිපයක් තියෙනවා අපි බලයට ආවම ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණය ගැන සාකච්ජා කළා. පාස්කු ප්‍රහාරයට පෙර එහි වින්දිතයා මම. මොකද මාස 29 ක් තිස්සේ මෙවැනි අවධානමක් තියෙනවා කියල කියපු නිසා මාව ජාතිවාදියෙකු ලෙස දක්වා අමාත්‍ය ධූරයෙන් නෙරපීමත් සිද්ධ වුණා. කොමිෂන් සභා වර්තාවෙත් තියෙනවා අධිකරණ ඇමතිවරයා විදිහට මම දුන්න අවවාදය පිළිපැදීම නමුත් ඒක නොකරපු නිසා ආණ්ඩුව පණිවිඩකාරයා පමණක් ඝාතනය කිරීම නිසා මේසා විශාල අපරාධයක් මේ රටේ සිද්ධ වුණා කියන එක. දැනට නඩු පවරලා තිබුනත් නොවිසදුනු කරණු තියෙනවා. ඒ පිළිබඳව විශේෂඥයින්ගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් පත්කරලා ඊට විදේශීය රටවල විශේසහ්ඥ සාමාජිකයින් දෙතුන්දෙනෙකුත් ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පරීක්ෂණ කරලා අලුතෙන් කරුණක් අනාවරණය වුණොත් ඒ ගැනත් ස්වාධීනව නඩු පවරලා දඬුවම් දීමට කටයුතු කරනවා. මගේ ස්ථාවරය ඕක. කාදිනල් හිමියන්ගේ ස්ථාවරයත් ඕක.”

මේ ප්‍රහාරයේදී රටම වින්දිතයින් වන අතර ජීවිත ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් පවතී හෙයින් තරාතිරම නොබලා නඩු විභාගයකින් අනතුරුව දඬුවම් දිය යුතු බවටයි විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...