පැනමා ගමන තුර්කියේදී මඳකට නවතියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 24, (LNW) කොළඹ :

පැනමා රාජ්‍යයේ ලීමා නුවරදී පැවැත්වෙන අවුරුදු විස්සෙන් පහළ ලෝක මලල ක්‍රීඩා සුරතාවලියට සහභාගී වන කණ්ඩායමෙන් කොටසකට තමන්ට නියමිත ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ බව වාර්තා වෙනවා.තරගාවලිය ආරම්භ වන අගෝස්තු 27 වන දා පැවැත්වෙන තරගවලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේ පිටත් කර ඇති බවත් නියමිත ගුවන් යානයට ගොඩවීමට නොහැකි වී ඇත්තේ එම පිරිසට බවත් එම වාර්තා පෙන්වා දෙනවා.

ඉතිහාසයේ අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා සුරතාවලියකට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ වැඩිපුරම පිරිස සිටින්නේ මෙවරයි.එම වටිනාකම තේරුම් නොගෙන ඔවුන් සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ලබා නොදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරත්,පසුව දේශපාලන මැදිහත්වීමකින් විශාල වෙහෙසකින් පසුව එම කාරණය ඉටුකරගන්නට හැකිවුණා.

එම තත්ත්වය නිසා මෙම ගුවන් යානා මගහැරීම සිදු වුණේ ද යන්න හෝ,මලල ක්‍රීඩා සංගමයේ හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග පිටත්ව ගිය නිලධාරීන්ගේ වරදකින් හෝ ගුවන් යානය මගහැරීම සිදුවිණි ද යන්න පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුවිය යුතුයි.මෑත කාලයේ නිසි පරිදි වීසා ලබා ගැනීම සිදු නොවනු නිසාත්,ගුවන් ප්‍රවේශපත්‍ර ළමා ගැනීමේ ප්‍රමාදයන් නිසාත්,සහභාගී වන ක්‍රීඩක කණ්ඩායම එකවර පිටත් කර නොයෑම සිදුවූ බවත්,ඊට යම් යම් නොසැලිකිළිමත්කම් සහ වගකීම් පෑහැර හැරීම් හේතු වූ බවත්,වාර්තා වූ අවස්ථා බොහොමයි.ඒ නිසා මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම ඇතිවීම වැළැක්වීමට මේ මොහොතේ හෝ පරීක්ෂණයක් සිදු විය යුතු බව අපගේ විශ්වාසයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් මීළඟට අත්පත්කර ගන්නේ ග්‍රීන්ලන්තයද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ?

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය...

කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...