බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW:

රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු, කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විශේෂ ආරක්‍ෂාවක් සපයා තිබෙන අතර, ඒ අනුව ඔහු රඳවා සිටින දැඩි සත්කාර ඒකකයට බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු යොදවා ඇති බව බන්ධනාගාර ආරංචි පැවසුවේය.

ඊට ජේලර්වරුන් දෙදෙනෙකු සහ අවි සහිත නිලධාරීන් සිව් දෙනෙකුද ඇතුළත් වේ. මීට අමතරව දැඩි සත්කාර ඒකකය අවට පොලිස් ආරක්‍ෂාවද යොදවා ඇති බවද වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා ඊයේ දිනයේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටයි. බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ,ඒ ඔහුගේ මූලික පරික්‍ෂණ කිහිපයක් සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා බවයි.

එම පරික්‍ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ පසු ඔහු යළිත් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ඒමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

පසුගිය 22 වනදා රාත්‍රියේ අධිකරණයේ සිට රැගෙන ආ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් එහි රැඳවියෙකු ලෙස ලියාපදිංචි කෙරුණු අතර, ඉන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරික්‍ෂාවකින් අනතුරුව නිර්දේශ කෙරුණේ හිටපු ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...