ලිප්ස්ටික්ස් වෙනුවට ප්‍රැක්ටිස්

Date:

හියුමන් වොයිස් එක කියන්නෙ නමක් නැති වොයිස් එකක්. අලියගෙ වොයිස් එකේ නම කුංචනාදෙ. අස්සයා හේෂාරාවේ.  මොනරා කෙකාරාවෙ. කුරුල්ලගෙ කූජනේ. සිංහයාගෙ ගර්ජනාව. හරකා තප්පුලෑම. හියුමන් වොයිස් එකට ඔය ඔක්කොම කරන්න පුළුවන් නිසා වෙන්නැති වෙනම නමක් අපිට නෑ. වොයිස් එකට ඇඩ්‍රස් නැති උනාට කරන්න පුළුවන් වැඩනං අනන්තයි අප්‍රමාණයි. අසීමිතයි. අද්විතීයයි.

අතින් පයින් ඇරුනම අපි අනිත් ඔක්කොම කරන්නෙ කටින්. කටින්ට වඩා වොයිස් එකෙන්. රිදම් එකට සින්ග් කරනවා කියන්නෙ වොයිස් එක යූස් කරන්න පුළුවන් ලස්සනම කලාපයක්. එක එක ජොන්රාස්වල සින්ග් කරන ඩිවයින් වොයිසස් අපි අහල තියෙනවා. සමහර වොයිසස් අහල මැරුණත් සැපයි වෙන අවස්ථාත් තියෙනවා. සින්ගින් කියන්නෙ සින්දුම විතරක් නෙවේ. වර්ඩ්ලස් සින්ගින් ලෝකෙ තියෙනවා. ‘අකැපෙලා’ කියන්නෙ එහෙම වර්ශන් එකක්. මේකෙදි වෙන්නෙ වොයිස් එක ඉන්ස්ටෘමන්ට් එකක් කර ගැනීමක්. වෙනම ඉන්ස්ටෘමන්ට් යූස් වීමක් මෙතන වෙන්නෙ නෑ. වොයිස් එකයි ඉන්ස්ටෘමන්ට් එකයි දෙකම තියෙන්නෙ කට ඇතුළෙ. 

මේක එන්නෙ කතෝලික පල්ලිවලින්. පල්ලිවල තියෙනවා කොයර් එකක්. ඒ කිව්වෙ ගීතිකා කණ්ඩායමක්. එයාලා කියන්නෙ ‘ගීත’ නෙවේ, ‘ගීතිකා’. ඕවා ගොඩක් වෙලාවට හයි ස්කේල් එකක සින්ග් කරන්නෙ. අකැපෙලාවලදි  එක එක ජාතියේ වොයිසස් එකට බ්ලෙන්ඩ් වෙනවා. ගීතිකාවලට මේ බ්ලෙන්ඩින් එක හොඳටම සූට් වෙන්න ගන්නවා. ඇකපෙලාව පල්ලියෙන් එළියට එනවා. වර්ඩ් මියුසික් කල්චර් එකට මික්ස් වෙනවා. ඇකෙපෙලා මෙතර්ඩ් එක යූස් කරන මියුසික් ගෲප්ස් ගොඩක් ලෝකෙ මේ වෙද්දි ඉන්නවා. පෙන්ටැටොනික්ස්, ද ස්වින්ග්ල් සිගර්ස්,ද ඇලී කැට්ස් කියන්නෙ එහෙම ගෲප්වලින් එකක් දෙකක් විතරයි. 

මේ ඇකපෙලා මෝඩ් එක මාවල් විදියට යූස් කරපු කණ්ඩායමක් ලෝකෙ ඉන්නවා. අනිත් අයගෙ යූසේජ් එකට වඩා මේක පුදුම වෙනස්. පුදුම අලුත්. නිකං, සින්දුවක් මැද්දෙන් වොයිස් එකෙන් සද්ද දානවට වඩා එහා ගිය වොන්ඩර්ෆුල්නස්  එකක් මේ අයගේ තියෙනවා. දකුණු කොරියාවෙ මියුසික් ගෲප් එකක්. මෙම්බර්ස්ලා පහයි. නම ‘මෙයිට්‍රී’. ඇමැරිකන්ස් ගොට් ටැලන්ට් කියන රියැලිටි ප්‍රොග්‍රම් එකට පාටිසිපේට් කරාට පස්සෙ තමයි ග්ලොබල් වයිඩ් ප්‍රසිද්ධ වෙන්න ගන්නෙ. මොකද්ද මේ කට්ටියගෙ තියෙන වාව් එක?

අයිෆෝන්වල සවුඩ් ඉෆෙක්ස් ටිකක් මතක් කරගන්ඩ. එහෙම නැත්තං වින්ඩෝව්ස් ප්‍රඩක්ට්වල සවුන්ඩ්ස්. යූඑස්බී කෝඩ් එකක් ඩිවයිස් එකකට ප්ලග් කරපුවාම එන සවුන්ඩ් එක. මේ ඔක්කොම සවුන්ඩ්ස් වොයිස් එකෙන් උන් ක්‍රියේට් කරනවා. හියුමන් වොයිස් එකකට එච්චර හරියක් කරන්ඩ පුළුවන්ද යකෝ කියලා baltimoraට කියැවෙනවා. ඇකැපෙලා නම් ඇකෙපෙලා. වොයිස් නම් වොයිස්. 

උන්ගේ ඒ ගැයිල්ල, පුදුම සහගත වෙන්නෙ ඒ සවුන්ඩ් එක එන්නෙ කොහෙන්ද කියලා මූණෙන් හොයන්න බැරිකම නිසයි. මූණෙ ඉරියව් හැඟීම් කිසිම දෙයක් හොයන්න බැ. කොටිම්ම ලිප් මූව්මෙන්ට් පවා කැප්චර් කරන්න අමාරුයි. ඒ තරං ඒ වොයිස් බැලන්ස් එක මාරයි. කිසිම ගේමක් නැතුව අනෙකාව නොමග යවන්න පුළුවන් විදියෙ සවුඩ්න් ඩිලිවරි එකක් ඒක. වීඩියෝව නොබලා ඒ සද්ද බද්ද ටික ඇහුවනම් අනිවා රැවටෙනවා. 

ලිප්ස් ලස්සන වෙන්න ලිප්ස්ටික් ඉලුවට වොයිස් ලස්සන වෙන්න ප්‍රැක්ටිස් ඕනෙ කියන්නෙ මේකට.

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...