කොළඹ වාහන දුම නිසා වායු විමෝචනයෙන් 70%ක් අපිරිසිදු වෙලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රථ වාහන පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමට කොළඹ පැවති උත්සවයකදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසා සිටියේ, කොළඹ දිස්ත්‍රික්කයේ වායු විමෝචනයෙන් 70%ක් පමණ අහිතකර තත්ත්වයකට පත්වීමට හේතුව වාහන දුම බවයි.

ඉදිරියේදී වාහන ධාවනය කරන අවස්ථාවලදී වායු විමෝචනය මැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද ඔහු පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේ,

“කොළඹ දිස්ත්‍රික්කය වායු විමෝචන තත්ත්වයෙන් අහිතකර තත්ත්වයකට පත්වෙලා. වාහනවලින් පිටවෙන දුම තමයි මේකට සියයට 60ක 70ක දායකත්වයක් දරන්නේ. පාරේ වාහනයක් දුම දාගෙන යනවා නම් මහජනතාවට පුළුවන් ඒකේ ෆොටෝ එකක් අපිට වට්ස්ඇප් කරන්න. ඒ වගේම අපි ලංකාවේ සියලුම පොලීසි එකතු කරගෙන වට්ස්ඇප් ගෘෘප් එකක් හදනවා. ඒ හරහා පාරේ දකින ඕනෑම වාහනයක අංකය විතරක් අපිට ඇති. තහනම් නියෝග අරගෙන කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතුව මේක පාලනය කරන්න අමාරුයි. ඉදිරියේදී පරීක්ෂණ කටයුතුත් වැඩිදියුණු කරනවා.”

ලෙස කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...