වෛද්‍ය වර්ජනය නිසා ජනතාව පීඩාවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ වර්ජනය නිසා රෝගීන්ට අවශ්‍ය ඖෂධ රජයේ ඔසුසැල්වලින් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසීය.

දිවයින පුරා සියලු රජයේ රෝහල්වල අද ආරම්භ කළ සංකේත වැඩ වර්ජනයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් රැසක් පීඩාවට පත්වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.වීජේසූරිය මහතා,

“පරීක්ෂණ කරන්න සහ ඖෂධ ලබාදෙන්න තමයි ගැටලුවක් ඇති වෙන්නේ. කෙසේවෙතත් ළඟපාත ඔසුසැල් තිබෙනවා නම් ඒ ඔසුසැල්වලින් ඖෂධ ලබාගන්න පහසුකම් සපයනවා. ඉතාමත් හදිසි පරීක්ෂණ සිදුකරගැනීම සඳහා ඒ අවශ්‍ය රසායනාගාර පරීක්ෂණ බාහිර පෞද්ගලික ස්ථානයකින් ඉටුකරගෙන එම මුදල් රජය මගින් ගෙවීම සඳහා කටයුතු කරනවා.”

අද පෙරවරුවේ , මෙලෙස වර්ජනය ක්‍රියාත්මක වන අතරවාරයේ තම ඉල්ලීම් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ තිබුණි.

හෙට උදෑසන 8 දක්වා ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් සියලුම රජයේ රෝහල්වල රෝගී සත්කාරක සේවාවලට එල්ල වූයේ දැඩි බලපෑමකි. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුණි. නමුත්  මාතෘ, ළමා, පිළිකා සහ වකුගඩු රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වන්නේ නෑ බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...