*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

පිරමීඩ මුදල් ගනුදෙනුවලට යොමුවීම දඞුවම් ලැබිය හැකි වරදක් –  මහ බැංකුව

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙන්නේ, පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බවයි.

මේ වනවිට තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් ආයතන 9ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදුකරන ඕනෑම පුද්ගලයෙකු සිදුකරන්නේ දඞුවම් ලැබිය හැකි වරදක් බවයි මහ බැංකුව කියා සිටින්නේ.

ඇතැම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදුකරන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද මහ බැංකුව ප්‍රකාශ කරයි.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ , එසේ නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 ඈ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සලකාබලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවයි.

ඒ අනුව මහ බැංකුව විසින් තහනම් කරනු ලබන ආයතන ලෙස,

01. Tiens Lanka Health Care (Pvt) Ltd.
02. Best Life international (Pvt) Ltd.
03. Global Lifestyle Lanka (Pvt) Ltd.
04. Mark-Wo international (Pvt) Ltd.
05. V M L international (Pvt) Ltd.
06. Fast 3Cycle international (Pvt) Ltd (F3C)
07. Sport Chain App,Sports Chain ZS society Sri Lanka
08. OnmaxDT
09. MTFE App, MTFE SL Group, MTFE Success Lanka (Pvt) Ltd, MTFE DSCC Group (Pvt) Ltd.

එම ආයතන වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan