ගුවන් තොටුපළෙහි ඇති විශාල පෝලිම් ගැන වගකිවයුත්තන් දුටුවාද!

Date:

ඇසින් දුටු අයෙකුගේ සටහනකි.

අගෝස්තු 25, කොළඹ (LNW): යමෙකූ තම උපන් රටේ සිට නව රටකට පැමිණීම ගැන මදක් සිතන්න. එහිදී ඔහු හෝ ඇයගේ පැමිණීම ගවේෂණය කිරීමට හෝ නිදහසේ සංචාරය කිරීමට විය හැක.

නමුත්, ගුවන්තොටුපොළකට පැමිණෙන විට දක්නට ලැබෙන්නේ, දැවැන්ත පෝලිම්, සෙමින් ගමන් කරන රේගු සහ ආගමන නිලධාරීන්ගේ උදාසීන මුහුණු පමණක් නම් එය කණගාටුවට කරුණකි.

මෙහි දී ලබාදෙන සේවය වෙනුවෙන්, අනෙකුත් රටවල් මෙන් අපට ද ශ්‍රේණිගත කිරීමේ ස්ථානයක් නැත්තේ ඇයි? අපේ රටට ඇතුළු වීමට පෙළ ගැසී සිටින විදේශිකයන් උදාසීන ලෙස හා අකාර්යක්ෂමතාවයෙන් පිළිගන්නා අපේ ගුවන් තොටුපළවල යථාර්ථය මෙයයි. එය අප පිරිනමන බව කියන උණුසුම් පිළිගැනීමට හාත්පසින්ම වෙනස් දෙයක් බව කිව යුතුය.

අපගේ ආගමන හා රේගු සේවාවන් මෙතරම් නොසැලකිලිමත් වන්නේ ඇයි? සංචාරක ව්‍යාපාරය සඳහා රටේ සෙසු ප්‍රදේශවල දක්වන උනන්දුව මෙහි දක්වන්නට ඔවුන් අසමත් වන්නේ ඇයි?

විදෙස් සංචාරකයන්ගේ පැමිණීමෙන් ලැබෙන ඩොලර් අපේ ආර්ථිකයට අත්‍යවශ්‍ය වැදගත්කම ඔවුන්ට වැටහෙන්නේ නැද්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍ය වන නමුත් ඒවාට පිළිතුරු නැත. ඇත්තේ නිහඬතාවයකි. මෙම ගැටලුව පිළිබඳ වගකිවයුත්තා කවුද? ඔවුන් නොසැලකිලිමත්ද?

අප අවට ලෝකය දෙස බලන්න. වෙනත් ජාතීන් ඔවුන්ගේ ගුවන් තොටුපළ ක්‍රියාවලීන් විධිමත් කර ඇත. සංචාරකයින් ටික වේලාවකින් ගුවන් තොටුපළෙන් පිටවීම සහතික කිරීම සඳහා ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) සකස් කර ඇත. සංචාරකයෙකුට තම රට ගැන ඇති වන පළමු හැඟීම දේශසීමාවෙන් ආරම්භ වන බව ඔවුන් වටහාගෙන ඇති අතර, එය ධනාත්මක සිත්ගන්නාසුළු එකක් බවට පත් කිරීමට ඔවුන් වගකීමේ බැදී සිටී. සංචාරකයින් වටිනා පාරිභෝගිකයන් ලෙස සලකනු ලැබේ . එය හරියටම ඔවුන් කරති.

නමුත් අපි කරන්නේ කුමක්ද? අපි අපගේ අමුත්තන්ගෙන් වැඩිපුර අය කිරීම්ද කරමින් , දිගු වේලාවක් පෝලිම්වල තබා බලා සිටීමට සලස්වා දෙනු ලබන දුර්වල සේවාවක් නිසා අපි ඔවුන්ව අපහසුතාවයට පත් කරනු ලබයි. එය හරියට අපි ඔවුන්ට අපේ රටේ සංචාරය පවා එපාකරවන්නකි.

වෙනසක් ඉල්ලන හඬ කෝ? එසේත් නැතිනම් ඔවුන් අපගේ සංචාරක කර්මාන්තය අඳුරේ ගිල්වා මෙම ගැටලුව උග්‍ර වීමට ඉඩ දී බලා සිට සෑහීමකට පත් වෙනවාද?

කවුරුන් හෝ වගකිවයුත්තෙක් මේ පිළිබඳ සැලකිලිමත්ද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...