*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

කංචනගෙන් අනුරට අභියෝගයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ (LNW):

ජාතික ජනබලවේගයේ නායකයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා තම X සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.ඒ ඉන්ධන ලීටරයක් මත පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩුකරන බවට ප්‍රකාශයක් සම්භන්ධවයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, මෙවැනි නිගමනයකට ඔහු පැමිණියේ කෙසේදැයි තමාට පැහැදිලි නොමැති බවයි.

තවද, ජාතික ජන බලවේගයට හා සමගි ජන බලවේගයට ඔවුන්ගේ බලශක්ති ප්‍රතිපත්ති,  රජයේ බලශක්ති ප්‍රතිපත්ති හා බලශක්ති ක්ෂේත්‍රයට එල්ලවන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විවාදයකට ද අමාත්‍යවරයා ආරාධනා කර සිටී.

අමාත්‍ය කංචන විජේසේකර මහතා එක්ස් පණිවුඩයේ සදහන් කර ඇත්තේ , ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා බලශක්ති ක්ෂේත්‍රය ස්ථාවර කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදුවූ බවයි. එම තීරණ හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2022 වසරේ දී ඉන්ධන ලීටරයක් මත පනවා තිබූ රුපියල් 25ක බද්ධ 2023 වසරේ දී රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට පියවර ගැණුනු අතර, ඒ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ලබාගෙන තිබූ රුපියල් බිලියන 1,200ක වටිනාකමින් යුතු ණය 2029 වසර වන විටදී ගෙවා අවසන් කිරීම සදහායි. 2025 වසරේ ආරම්භය වනවිට ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 656ක් වේ.

එම මුදල සම්පූර්ණයෙන් පියවීම සදහා තවත් වසර 4ක කාලයක් ගතවන බව අමාත්‍යවරයා එක්ස් පණිවුඩයේ සදහන් කර ඇත. රුපියල් බිලියන 656ක හිග ණය මුදලක් තිබියදී අනුර කුමාර දිසානායක මහතා ඉන්ධන මත පනවා ඇති රුපියල් 50ක බද්ධ ඉවත් කරන්නේ කෙසේද යන්න තමා දැන ගැනීමට කැමැත්තෙන් පසුවන බව කංචන විජේසේකර මහතා පවසන අතර , මුදල් මුද්‍රණය කිරීම,  තවදුරටත් ණය ලබාගැනීම හෝ වෙනත් බදු පැනවීම නැතිනම් කුමන ආකාරයෙන් එම මුදල පියවා ගන්නේ ද යන්න ඔහු සදහන් කළ යුතු බව එම එක්ස් පණිවුඩයේ සඳහන් කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan