රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ (LNW):
IMF කොන්දේසි වෙනස් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි යළිත් අවධාරණය කළ අතර, එසේ කළ හැකි බවට ජනාධිපති අපේක්ෂකවරුන් වන සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන මහත්වරුන් ප්‍රකාශ කරන්නේ නම් සියලු දෙනා එක්ව IMF සමග සජීවී සංවාදයකට එන්නැයි ජනාධිපතිවරයා අභියෝගයක් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළ අතර, රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාව මෙහිදී පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කෙරුනු අතර එය ඒකමතිකව සම්මත විය.
ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් රැසක් මෙහිදී අදහස් දැක්වනු ලැබීය.