අදත් පාන්දරින්ම වෙඩිතැබීමක් !

සටහන – රුවන් නෙළුගොල්ල

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ හෝටලයක සිටි දෙදෙනෙකු ඉලක්ක කර අද (25) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.

පුද්ගලයින් තිදෙනෙකු අදාළ හෝටලයේ තාප්පයෙන් පැනවිත් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් මෙම වෙඩිතැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවත් වාර්තා විය.

ඊයේ (24) අලුයම ද බොරලැස්ගමුව ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබුණු අතර එහිදී 25 හැවිරිදි තරුණයකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබිණි.