සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී පැවසුවේය.

ඒ අනුව එම අභියෝගයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීමේ වැදගත් බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ සමඟ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට මෙම සාකච්ඡාව කැඳ වූ බව විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.

මෙම හමුවේ දී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ මේ මොහොතේ ප්‍රධාන ප්‍රශ්න දෙකකට පිළිතුරු සෙවිය යුතු බවයි.

පළමුවැන්න රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළයි. දෙවැන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එල්ල වී ඇති අභියෝගය ජයග්‍රහණය කිරීමයි. ඒ සඳහා සියලු‍ දේශපාලන පක්ෂ සිය දේශපාලන මත පසෙකලා එකමුතු විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට සහභාගි වූ සියලු‍ම දේශපාලන පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ විපක්ෂයේ සමස්ත දේශපාලන පක්ෂ ඒ සඳහා එකමුතුව කටයුතු කිරීම වැදගත් බව යි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු කටයුත්ත මෙන්ම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂය එකමුතුව දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි කටයුතු සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමටද පියවර ගෙන තිබේ.

අද රැස්වූ සියලු‍ම පක්ෂ නායකයින් අගෝස්තු 27 වනදා යළිත් විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. වහාම විමර්ශනයක් ඕනෑ – පුබුදු සාක්ෂි පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු...

කොළඹ අයවැය : මාලිමාවට හේත්තු වුණු බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළකමින් උසාවි නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගරසභාවේ අයවැය සඳහා දෙවැනි...

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...