නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW:
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබු 36 වන ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය මෙවරත් CBL (Foods) International අනුග්‍රහයෙන් අගෝස්තු 15 සිට 24 දක්වා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්විනී.
ශ්‍රී ලංකාවේ ස්කොෂ් ක්‍රීඩාව නගාසිටුවමින් ප්‍රවර්ධනය කිරීමට නිරන්තරයෙන් අතහිත දෙන CBL (Foods) International ආයතනය 17 වන වරටත් මෙම තරඟාවලිය සඳහා පූර්ණ අනුග්‍රහයක දායකත්වය ලබා දුන් අතර, සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස CBL Foods හි සහකාර සන්නාම කළමනාකරු දුලන්ජන් අබේසේකර සහභාගී වූ අතර, CBL Foods හි ප්‍රවර්ධන සහ සක්‍රීය කිරීමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පංචමය රත්නායක ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ද, CBL Foods හි ජ්‍යෙෂ්ඨ සන්නාම විධායක පසන් හේරත් විශේෂ ආරාධිත අමුත්තා ලෙස ද සහභාගී විය.

වයස අවුරුදු 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩයන් සඳහා මෙම තරඟාවලිය (PSA Satellite) තරඟයක් ලෙස පැවැත් වූ අතර එමඟින්, තරුණ ක්‍රීඩකයින්ට, (PSA) ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ලකුණු ලබා ගැනීමේ අවස්ථාව උදා විම මෙම තරගාවලියේ විශේෂත්වයක් විය.

මෑතකදී ඊජිප්තුවේ පැවති ජාත්‍යන්තර කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ රාජකීය විද්‍යාලයේ මතීෂ විජේසේකර, තම පාසල් සගයා වන තරුල් පින්වත්ත පරාජය කරමින් 11/4, 11/7, 11/7 ලෙස ලකුණු ලබා ගනිමින් තම 19න් පහළ කනිෂ්ඨ ජාතික ශූරතාව ආරක්ෂා කර ගත් අතර බාලිකා අංශයේ නෙත්මි වික්‍රමසිංහ දැඩි පරිශ්‍රමයකින් පසු රන්ලියා වුඩ් පරාජය කරමින් ඇගේ පළමු 19න් පහළ කනිෂ්ඨ ජාතික ශූරතාව දිනා ගැනීමට සමත් විය.
• කේමිත හපුආරච්චි (රාජකීය විද්‍යාලය) – මනුත් දසනායක සමඟ කෙරුණු අවසන් තරගයේදී 17-15 සහ 11-8 ලෙස දැඩි සටන් කර, Most Promising Boy Player award (Air Vice Marshall AB Sosa අභියෝගතා කුසලානය) දිනාගත්තේය. ඔහු 17න් පහළ අනුශූරතාවය සහ 19න් පහළ 4 වන ස්ථානයද, දිනාගත්තේය.

• චනුමි තෙබුවෙන (ගේට්වේ ජාත්‍යන්තර පාසල) – 15න් පහළ ශූරතාව දිනාගනිමින් සහ 17න් පහළ 4 වන ස්ථානයන් සහ Most Promising Girl Player award (Wing Commander Noel Fernando අභියෝගතා පළිහ) දිනාගත්තේය.
• මනුත් දසනායක (ගේට්වේ විද්‍යාලය) – 17න් පහළ සහ 15න් පහළ ශූරතාවයන් දෙකම ජයග්‍රහණය කිරීමට සමත් විය.
• ඉෆ්රා බූසෝ (ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, මිලාගිරිය) – 17න් පහළ ශූරතාව.
• අකානේ කෝනාරා (ශාන්ත තෝමස්, ගල්කිස්ස) – 13න් පහළ පිරිමි ශූරතාව.
• දිනෙත්මා මිහේලි (සිරිමාවෝ බාලිකා) – 13න් පහළ බාලිකා ශූරතාව.
ආදී වශයෙන් ජයග්‍රහණය කල අතර, මෙම තරඟාවලිය සඳහා ජාත්‍යන්තර සහ ආසියානු වශයෙන් පිළිගත් කනිෂ්ඨ ක්‍රීඩකයින්ගේ සහභාගීවීමක් සිදු වු අතර එමගින් ශ්‍රී ලංකාව තුල පාසල් මට්ටමින් ස්කොෂ් ක්‍රීඩාව ජනප්‍රියව ප්‍රචලිත කරවීමට හා ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩාව නව මානයකට රැගෙන යාමට ඉදිරි වසරවලදී මනා පිටිවහලක් වනු ඇත





