*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මංගල යනු මිත්‍යා ප්‍රබන්ධයක්ද ?

දකුණු ආසියාව එක තැන ඝනීබූතව පැවතීමට අදාල ප්‍රධානම හේතුව වන්නේ කලාපයටම ආවේණික සමාජ පසුගාමීත්වයයි…මෙහිදී කලාපය තුල ඉදිරියෙන්ම ඇති ඉන්දියාව ගත්තද එහි එක කොනක හඳට රොකට් බස්සන විට තවත් කෙලවරක දෑවැදි දීමට නොහැකි වීම නිසා ගැහැණුන් උපන්ගෙයිම මරා දැමෙයි..

නමුත් ඉන්දියානු දේශපාලනඥ්ඥයන් මේ සමාජ පසුගාමීත්වය බලය සඳහා මාවතක් කරගත්තේ නැත..එහි විපක්ෂයද සහ වාමාංශික බලවේගද ජනතාව ඉදිරියෙන් යැයි කියමින් මිනිසුන් අන්දවාගෙන මේ මහජන පසුගාමීත්වය රාජ්‍යයට එරෙහිව සංවිධානය කලේද නැත…

එක් යුගයක ඉන්දියාවේ “හරි ජනයා” නැමති අඩුකුළයේ ජනයාට සමාන අයිතීන් ලබා දීමට ගිය සික් ජාතික චන්ද්‍රසේකර් සිං නැමති අගමැති වරයාගේ ආන්ඩුව මහජන විරෝධය හමුවේ කඩාවැටිනි..එහිදී චන්ද්‍රසේකර් සිංට ගෙදරම යෑමට සිදු උනි….

සමාජ පසුගාමීත්වය අවුළුවලා බලය තහවුරු කරගත්ත පාලකයෝ මිසක් සමාජ ප්‍රගතිය වෙනුවෙන් බලය නැතිකරගත්ත චන්ද්‍රසේකර් සිංලා වගේ පාලකයෝ ලංකාවේ කවදාවත් හිටියේ නෑ..මෙතනදි ප්‍රතිපත්ති දේශපාලනයක් වෙනුවෙන් තනතුරු තානාන්තර අවදානමට දාගත්ත දේශපාලකයෙක් ලංකාවේ යන්තමින් හෝ හිටියානම් ඒ මංගල විතරයි..

මම මෙතනදි කියන්නේ නෑ මංගල කියන්නේ පරමාදර්ශී දේශපාලන චරිතයක් කියලා..

ඔහුගේ චරිතයෙත් මුලදි කළු පැල්ලම් තිබුනා, ඔහුටත් ගොඩනැගෙන්ට සෑහෙන කාලයක් ගියා…නමුත් සාපේක්ෂව ගත්තම වමේ කියාගත්ත සහ ප්‍රගතිශිලීන් යැයි කියාගත්ත ගොඩක් උන් එදා හිටියෙ මංගලටත් ශතවර්ෂයක් ඈතීන්…

එදා නන්දිකඩාල් අමු සොහොනක් කරපු සතුටට දකුණේ මිනිස්සු මහපාරවල් මැද ලිප් බැඳ ගෙන කිරිබත් කාපු වෙලාවේ කිරිබත් ප්‍රතිකේෂ්ප කරපු අයට දේශද්‍රෝහීන් කියලා අල්ලගෙන තඩිබාපු වෙලාවේ රැල්ලට ගහගෙන ගිය අපේ වමේ නායකයොත් එදා ජනතාව අමතලා කිව්වෙ දැන් සතුටු වෙන්න කියලා..ඒ වෙලාවේ තනි මංගලට විතරයි කියන්න පුළුවන් උනේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම සතුටුවෙන්ට පුළුවන් දවසක් ආවොත් එදාට අපි සතුටු වෙමු කියලා..අන්න ඒකයි මංගල ගාව තිබුන සාපේක්ෂ වෙනස..

මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙමේ කියලා ලේඛකයෙකුට, කවියෙකුට, විචාරකයෙකුට අවුලක් නැතිව ඕන වෙලාවක කෙලින්ම කියන්ට පුළුවන්..මොකද ඒ අය චන්දෙ ඉල්ලන්නෙ නැති නිසා..ඒ අයගේ අනාගත පැවැත්ම තියෙන්නේ චන්ද පදනම උඩ නොවන නිසා..හැබැයි ලංකාව වගේ රටක දේශපාලකයෙකුට ඒ ප්‍රකාශය කරන්ට වෙන්නේ ඊළඟ චන්දෙන් ගෙදර යන්ට බලාගෙන..මංගල ඒ අවදානම ගත්තා..

මංගලට සැලකිය යුතු දේශපාලන ප්‍රතිරූපයක් එදා නොතිබෙන්ට මංගලගේ දේශපාලනයත් එදා නතරකරවන්ට තිබ්බෙ නතාෂාලා වගේ හිරෙත් ලග්ගවලයි…

මංගල කියන්නේ වෙනත් වර්ගයක ලිංගික ජීවියෙක්, ඒ වගේම ඒ බව ඔහු ප්‍රසිද්දියේ කිව්වා..මහා වර්ගයේ අපවාද වලට ලක්වෙන සුළුතරයේ පීඩාව ඔහුට ඔහුගෙ ආන්තික ලිංගිකත්වය නිසා හොඳින්ම දැනෙන්නට ඇති..
ඇතමුන් කියනවා වගේ මංගල ගැන අද වැයෙන ගුණ වැයුම් වලින් සමහරක් ප්‍රබන්දයන්ද විය හැකියි..නමුත් ඒ ප්‍රබන්දයන් ගොඩ නැගෙන්නෙම අදටත් ඔවුන් වැන්නන් නැතිකමේ හිස්කම විසින්..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan