භාරතයේ අද්විතීය හඬ සන්තෝෂ් නාරායන් මෙරටදී ගයයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලයිකා සමූහයේ සභාපති අලිරාජා සුබාස්කරන් මහතාගේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කෙරෙන , යාපනයේ පැවැත්වෙන දැවැන්තම සංගීත ප්‍රසංගය දැක බලා ගැනීම සඳහා මෙරට සංගීත ලෝලීන් හට එළඹෙන සැප්තැම්බර් 30වන දා අවස්ථාව ලැබීමට නියමිතයි .

ඉන්දියානු  සිනමාවට අද්විතීය හඬ පෞරුෂයක් එක්කළ  දකුණු ඉන්දියානු තාරකාවක වන සන්තෝෂ් නාරායන් ,ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දක්ෂයින් රැසකගේ සහභාගිත්වයෙන් ,යාපනය කොටුව අසළ මුත්‍රවේලි ක්‍රීඩාංගනයේදී මෙම දැවැන්ත අත්දැකීම හිමිකරදීමට සැලසුම් කර ඇත.

මෙම ප්‍රසංගය ඕනෑම අයෙකුට නොමිලයේ දැක බලා ගැනීමට අවස්ථාව උදාකර දී තිබීමද විශේෂත්වයක් වේ. ලයිකා සමූහයේ සභාපති අලිරාජා සුබාස්කරන් මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ,

“සංගීතය නැමති විශ්ව භාෂාව හරහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතිමය බැඳීම් සැමරීම මෙම ප්‍රසංගයේ අරමුණයි.ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කලාකරුවන් මෙන්ම යාපනය ප්‍රදේශයේ කලාකරුවන්ගේද දස්කම් විදහා පාමින් සංහිඳියාවේ සහ එකමුතුකමේ වේදිකාවක් බවට මෙය පත්වනු ඇති බව අපගේ විශ්වාසයයි ”

2012 වසරේදී ස්වාධීන සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉන්දීය සිනමා සංගීතයට පිවිසි සන්තෝෂ් නාරායන් සම්මාන රැසකින් පිදුම් ලැබූ අයෙක් වන අතර , සීමා මායිම් නොමැති සංගීතය හරහා ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා සංගීත ලෝලීන් පිනවනු ලබන කලා කරුවෙකු ද වේ.

කොළඹදී පැවති දැනුවත් කිරීමේ හමුවේදී සන්තෝෂ් නාරායන් මෙසේ ප්‍රකාශ ඇත .

” යාපනය යනු සුවිශේෂී සංස්කෘතියක්, සංගීතමය සහ කලාත්මක ඉතිහාසයකට හිමිකම් කියන නගරයක් , මෙම ප්‍රසංගය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙමින් සියලු ශ්‍රී ලාංකිකයින් හට සංගීතය රස විඳීමේ අවස්ථාව උදා කර දුන් ලයිකා සමූහයේ සභාපති අලිරාජා සුබාස්කරන් මහතාට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...