සටන තියෙන්නේ කවුද ජනාධිපති කියන්න නෙවෙයි.කොහොමද ජීවත් වෙන්නේ කියන එක ගැනයි!

Date:

කොළඹ LNW:දැන් සටන ඇත්තේ කවුද ජනාධිපති යන්න තීරණය කිරීම නොව ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයක් ගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (25) රාත්‍රියේ කොළඹදී පැවති ආර්ථික ස්ථාවරත්වය සඳහා නීතිඥයින්ගේ හමුව අමතමිනි.

නැවත බොරු කර ඉදිරි ගමනක් යා නොහැකි අතර ආර්ථික ස්ථාවරභාවය රටට වැදගත් හෙයින් තමන් කටයුතු කරන්නේ ඒ මත පිහිටා බවයි වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේ.

එළඹෙන ඔක්තොම්බරයේදී නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය සිදුකිරීමට නියමිත අතර එම සමාලෝචනයෙන් පසු ඉදිරි වැඩකටයුතු සඳහා ලබන පෙබරවාරි මාසයේදී මුදල් ලැබෙන බවත් යම් හෙයකින් එම ගිවිසුම සංශෝධනය කරන බවට ඔක්තොම්බරයේදී පැවසුවහොත් එම සංශෝධනවලට අදාළව එකඟතාව ලැබීමට තවත් මාස හතරක්වත් යනු ඇති බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ඊට අමතරව සෙසු රටවල් සමඟද සාකච්ජා කර අවසන් වන විට මාස අටක් පමණ ගත වෙනු ඇති හෙයින් නැවත වරක් ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ සිටීමට සූදානම් වන ලෙසයි ඔහු පැවසුවේ.

”අඩුම ගානේ පොල්තෙල් හරි එකතු කරලා තියාගන්න කාර් එකට දාගන්න. තෙල් හොයා ගන්න බැරි නම්. ඕක ආපහු අලුතෙන් කතා කරන්න මාස කීයක් යයිද? සාමාන්‍යයෙන් අපට තියෙන්නේ මාස දෙකක කතාවක්. සංශෝධනයක් එහෙම ආවොත් මාස හතරක් පහක් යයි. අනිත් රටවල් එක්ක සාකච්ජා කරන්න ඕනේ. මාස අටක්වත් යයි. එතකොට අපි මාස 08ක් ඉන්නවද මුදල් නැතුව. ඉන්න පුලුවන්ද? ඉතින් මේ සටන කවුද ජනාධිපති නෙවෙයි. අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එකයි. ඒ තීරණය අරගන්න ඕනේ අපි. ආපහු බොරු කරලා යනවා නම් අපි වැටෙනවා. ආර්ථික ස්ථාවරභාවය අපිට වුවමනායි. ඒ නිසා මම බලන්නේ මේ වැඩකටයුතු ගැන.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...