අපිට එක ප්‍රතිපත්තියක් තිබුණා.එහෙට මෙහෙට පැනපු මිනිස්සු නෙවෙයි.අපි රාජපක්ෂලාගේ දන්කුඩ කෑවෙත් නෑ – විමල් වීරවංශ

Date:

කොළඹ LNW:අපි එක ප්‍රතිපත්තියක,එක අරමුණක,එක ඉලක්කයක දේශපාලනය කරපු පිරිසක් මිස එහෙට මෙහෙට පැනපු මිනිස්සු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මෙම බව කියා සිටියේ ඊයේ (25) අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ පැවති සර්ව ජන බලයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අමතමිනි.

මේ වන විට ජාතික ජන බලවේගය විසින් පවසා තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන ප්‍රකාශය ගැනද සිය පැරණි මිතුරන් සිහිපත් කරමින් වීරවංශ මහතා අදහස් දක්වන ලදී.

”මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය තමුන්නාන්සේලා දන්නවා අපි එක ප්‍රතිපත්තියක එක අරමුණක එක ඉලක්කයක මේ රටේ දේශපාලනය කරපු මිනිස්සු. එහෙට මෙහෙට පැනපු මිනිස්සු නෙවෙයි. රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලගේ දන්කුඩ ලෙවකනකොට ඒ රාජපක්ෂලාගේ දන්කුඩ කන සමාගම අතහැරලා ඇමතිකම් අතහැරලා ඇමතිකම් තනතුරුවලින් එළියට දාන කොට බය නැතුව විරුද්ධ පක්ෂයේ වාඩිවුණ මිනිස්සු. අපිටත් ඕනේ නම් පුළුවන් ඩල්ල ඩලා වගේ දයාබර සිරි වගේ ඕන තරම් නම් කියත හැකි ඔය එක එකාගේ අගුපිල් අස්සේ රිංගන්න. ඒක නෙවෙයි මේ රටේ ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී ඉන්න ජනයා, මේ ආර්ථික අර්බුදයට දේශපාලන අර්බුදයට උත්තර හොයන ජනයා මේ රටේ අනුරාධපුර විහාර සංස්කෘතිය ගොඩ නගපු ඒ ඓතිහාසික සභ්‍යත්වයට දන නමා වන්දනාමාන කරන ජනයා අපෙන් ඉල්ලන යුතුකම වගකීම ඒක නෙවෙයි. ඒ නිසා තමයි අපි දේශපාලන හතක් එකට එකමුතු වෙලා සංවිධාන 7ක් එකට එකමුතු වෙලා තව ස්වාධීන බලවේග ගණනාවක් එකට එකමුතු වෙලා සර්ව ජන බලය නමින් ලක් මාතාව වැටී තිබෙන පතාකයෙන් ගොඩ ගන්න,එළියට ගන්න තරුව ලකුණින් එකට එක්සේසත්ව අද තමුන්නාන්සේලා පාමුලට ඇවිල්ලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය ගැන හොයපු නැති උන්දැලත් දැන් 09 වෙනි වගන්තිය ගැන කියවන්න පටන් අරන්. මීට මාස හය හතකට ඉස්සරහින් මම අහගෙන බිමල් රත්නායක උන්නැහේ කියනවා ලංකාව කියන්නේ අනාගමික රාජ්‍යක්. තව කවුද ඉන්න ගාල්ලේ හාදයෙක් නලින් හේවගේ උන්දැ කියනවා වැරදිලාවත් බුදු හාමුදුරුවෝ කොස් ගහට පිට දුන්නා නම් කොස් ගෙඩියක්වත් කන්න වෙන්නේ නැහැ කියල. බෝ ගහට පිට දුන්න හින්දා හොඳයි කියල. එහෙම කියපු උන්දැල අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය රකින හැටි කතා කරනවා. ඒක තමයි සර්ව ජන බලයේ බලපෑම” යනුවෙන් වීරවංශ මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරෝෂ 72 – 102 දක්වා ඉහළ නංවයි!

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

Waters Edge දැන් නව ගමනක..

අගෝස්තු 24 කොළඹ LNW: නාගරික සංවර්ධන ඉදිකිරීම් හා...

තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත් කළ බවට හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට එරෙහි චෝදනා එරට අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත්...

රනිල්ට දඬුවම් කිරීම ජනතාවගේ අපේක්ෂාවයි. අපේ සීමාව තුළ අපට කළ හැකි දේ අපි කරමින් ඉන්නවා – මන්ත්‍රී මනුවර්ණ

බංකොලොත් රටේ මහජනතාවගේ ධනය කාබාසිනියා කළ හිටපු පාලකයාට දඬුවම්...