*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

රටක් වෙනුවෙන් ලොවක් නියෝජනය කරන්නට යන පිරිස්, රැයක් ගුවන් තොටක නිදිවර්ජිතව තබන රටක්

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 26, (LNW) කොළඹ :

ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර රට යන්නේ කෙසේද යන්න පිළිබඳව සාක්ෂරතාවය ඇති පිරිස් හිඟ නැත.දේශපාලන වාසි කතා ගෙන මැද පෙරදිග ගෘහ සේවය විවේචනය වුව ද,මේ සාක්ෂරතාවය වර්ධනය වන්නේ ඒ සංස්කෘතිය ඇතුළේය.ඒ සංස්කෘතිය නිසා තමන්ගේ පරම්පරාව තිබුණාට වඩා හොඳ තත්ත්වයක පිහිටුවාලන්නට හැකි වූ පවුල ගණන සුළු නැත.


එහෙත් මේ සාක්ෂරතාවය රට වෙනුවෙන් හෙටට වැඩක් කරන්න යද්දී කාට හෝ අමතකනම් හෝ නොදන්නේනම් හෝ මෙන්ම,එවැනි ගමන් සඳහා තෝරා ගැනීමේදී එම තත්ත්වයන් අධීක්ෂණය නොකරන්නේනම් ගැටළුවකි.ගමේ පහළම ස්ථරය දක්වා වීසා ගැන ගුවන් ටිකට් ගැන,ඒ ඒ රටවල් සඳහා ඒ වෙනුවෙන් සූදානම් වීමට යන කාලය පිළිබඳව යම් ආකාරයක සංක්ෂිප්ත සරල සාක්ෂරතාවයක් බොහෝ දෙනෙකුට තිබියදී,කුමන හෝ ක්‍රීඩා සංගමයක්,රාජ්‍ය ආයතනයක් එම තත්ත්වයන් නොදන්නවා විය නොහැකිය.එවැනි ගැටළුවක් එනවානම් නොදන්නාකමට වඩා නොසැළකිල්ල නිසා වන බව අපේ හැඟීමය.
මේ තත්ත්වය උද්ගත වූවේ ලෝක අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට යන මලල ක්‍රීඩා කණ්ඩායමේ පළමු දිනයේ තරග වඳින ක්‍රීඩකයින් රැඟෙන පිටත් වූ පිරිසටය.තූර්කියේ දී ඔව්හූ පළමු අවස්ථාවේ ගුවන් යානය මඟ හරවා ගත්හ.පළමු අවස්ථාවේ දී ඔවුන්ට ගුවන් යානය මග හැරිණ.දෙවන අවස්ථාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සිටි නිලධාරියෙකුගේ හෝ නිලධාරිණියකගේ බලපත්‍ර සම්බන්ධ ගැටළුවක්ය.


ලෝකය සමඟ හැප්පෙන යන අතරවාරයේ මෙවැනි සිඳුවීම් දිගින් දිගටම සිඳු වීම ගැටළුවක්ය.සමහර විට වීසා නොමැතිවීම,ඒ සඳහා දුර තියා සූදානම් නොවීම,ගුවන් ටිකට් පත්වලට වියදම් කිරීම රටේ වගකීම දරන ආයතනවල නිලධාරි කිසිඳු බරක් නැතුව මඟ හැරීම වැනි කරුණු මේ වසර කිහිපයේ දී අප කොතෙකුත් අසා ඇත.ඒත් නැවත නැවත එම චක්‍රයම කැරකීම පුදුම විදිහට හිරිකිතය දැනවීමක් වන්නේ අපටය.කිසිඳු වගකිව යුතු අයෙකු එම තත්ත්වය සැළකිල්ලට ගන්නේ නැත.
රටේ මලල ක්‍රීඩාවේ හෙට දවසේ බලාපොරොත්තු මේ ආකාරයට අසරණ කිරීමට රටක් හැටියට අපි මේ ආකාරයට හැසිරුණ ද,වෙනත් රටකනම් ඒ ගමන සම්බන්ධයෙන් තවත් පාර්ශව පෙළ ගැසී නො’නිදා ගත කරන බව ඇත්තය.යම් කිසි රටකදී පැන නඟින ගැටළුවකට මුහුණ දීමට එරට තානාපති කාර්යාල අවදියෙන් සිටිය යුතුය.තමන්ගේ රටට එන රට නියේජනය කරන නියෝජිතයන්ට පහසුකම් සැළසීමට එරට ගත කරන තත්ත්පරයේ දී හෝ සූදානම්ව සිටීම වැදගත්ය.මේ යාන්ත්‍රණය සිඳු වන්නේනම් පළමු තත්පරයේම පැන නඟින ගැටළුවට විසඳුම් ලබා ගත හැකිය.


එසේ සුදුසු වැඩ පිළිවෙලක් සකසා ඇත්නම් ඒ වැඩ පිළිවෙලේ වරදින තැන හඳුනාගන්නට පහසුය.දැන් නිසි වැඩ පිළිවෙලක් නැති නිසාම වැරදි වැරදි එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් තමන්ගේ තනතුරු වරප්‍රසාද සහ වරදාන ලබා ගන්නට බාධාවක් නැතුව හැකි වන්නේය.මේ නිසා අපේ රටේ හෙට දවස වෙනුවෙන් ලෝකය ජය ගැනීම වෙනුවෙන් සටන් කරන්නට යන අයගෙන් අඩුවෙන පැය ගාණ සමඟ ඔවුන් එහිදී දක්වන්නට බලාපොරොත්තුවෙන් සිටින දක්ෂතාවලින් කොටසක්ද අහිමි වී යා හැකිය.


රටක් රටේ හෙටක් ගැන කෙසේ සිතිය යුතු ද යන්න දේශපාලකයන්ට පවරා ඔවුන්ගේම වැරදි වය වයා නොසිටිය යුතුය.මේවා නිවැරදිව අඬුවක් නොවන්නට කළ යුත්තේ කොසේද යන්න දේශපාලකයන්ගෙන් සකසා අනුමත කරවා ගත යුත්තේ නිලධාරීන්ය.රටක් දේශපාලකයාගේ අතට නොදී පුරවැසියාගේ හිත සුව පිණිස තබා ගත යුත්තේ කෙසේද යන්න නොසිතන යාන්ත්‍රණයක ඇන්ජිම පමණක් දේශපාලකයාය.එහෙත් ඇන්ජිම පමණක් තිබුණු පළියට යන්ත්‍රය වැඩ කරන්නේ නැත.හැම ඇණ මුරිච්චියකම නිර්වද්‍යතාවය වැදගත්ය.
අපි පුරවැසියන් හැටියට බලවත් වන්නේ කෙසේද යන්න පහළම නිලධාරියාගේ සිට ඉහළටත්,රටේ සෑම පුරවැසියෙකුමත් සිතීම හැර මේ සෑම වැරදීමකම අපේ වගකීම් නොසළකා හැරීම් ද තිබෙන බව කියවා ගන්නේනම් යහපත් බව මෙවැනි සිඳුවීම්වලින් හෝ රටක් හැටියට තේරුම් ගත යුතු වන්නෙමු.තූර්කියේ දෙවරක්ම තමන්ගේ රට නියෝජනය කරන පිරිස් රස්තියාදුවීම ගැන,එරට සිටින තානාපති කාර්යාලයට වගකීමක් පැවරෙන්නේය.එය එසේ නොවන්නේ රට නියෝජනය කරන්නට පේරු බලා යන පිරිසගේ තොරතුරු සමඟ එරට තානාපති කාර්යාලය දැනුවත් කර තිබුණොත් පමණි.මේ ආකාරයට කිසිවක් සිඳු නොවීම නිසා වන හානිය රැඟෙන ලෝකය බලා සිටියදී පිටියට බසින්නට සිඳුවන්නේ ක්‍රීඩකයන්ටය.
වාසනාවකට මෙන් ශ්‍රී ලංකාව හා සසඳද්දී පේරු රාජ්‍යය සිටින්නේ කාලය අනුව ශ්‍රී ලංකාවට පසුපසින්ය.ඒ නිසා රටක් වෙනුවෙන් ලොවක් නියෝජනය කරන්නට යන පිරිස රැයක්ම නිදිවර්ජිතව අසුන්වලත්,බිමත් ගුලි වී නිදා ගැනීමේ වෙහෙස යම් තරමකට සමනය කර ගන්නට ඔවුන්ට ලැබෙනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan