උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා අත්හදා බලයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 26 : ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් ජාත්‍යන්තර සම්බාධක නොතකා දේශීයව සංවර්ධනය කරන ලද මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා අත්හදා බලා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය KCNA වාර්තා වේ.

උතුරු කොරියානු මාධ්‍ය විසින් අද(26)වන දින නකුත් කරන ලද ජායාරූප වලට අනුව, X හැඩැති වලිග සහ පියාපත් සහිත සුදු ඩ්‍රෝන යානයක් දකුණු කොරියාවේ K-2 ප්‍රධාන යුද ටැංකියට සමාන ඉලක්කයකට කඩා වැටී විනාශ කරන ආකාරය උපදේශකයින් විසින් වට කරන ලද මේසයක් මත සිටින ජනාධිපතිවරයා සතුටින් නිරීක්ෂණය කරනු දක්නට ලැබේ.

උතුරු කොරියානු ජනාධිපතිවරයා වොෂින්ටනය සහ සෝල් සමඟ නැගී එන ආතතීන් මධ්‍යයේ තම රටේ හමුදාව නවීකරණය කරමින් එහි ආයුධ හැකියාවන් වර්ධනය කරමින් සිටින අතර ඔහු මේ වන විට පාබල හා විශේෂ මෙහෙයුම් ඒකක, ඔත්තු බැලීමේ සහ බහුකාර්ය ප්‍රහාරක ඩ්‍රෝන යානා සහ දිය යට මරාගෙන මැරෙන ප්‍රහාරක ඩ්‍රෝන යානා ඇතුළු විවිධ පද්ධති වේගවත් ලෙස සංවර්ධනය කරමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...