සදාචාරාත්මක ප්‍රතිපත්තිවලට ගරු කරන නායකයකු තෝරාගන්න – ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර ඇත.

එහි ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු ත්‍රීත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය යන්න සිය දැඩි විශ්වාසය බව එම නිවේදනයෙන් සඳහන් කර ඇත.

දුෂිත පුද්ගලයින් ආරක්ෂා කරන සහ දූෂිතයින්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ජනතාව සිය වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදගත් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා ඇත්තේ, බොරු පොරොන්දු ලබා දෙමින් ඡන්ද දායකයින් රවටා ඔවුන් නොමඟ යෑවීමෙන් වළකින ලෙසත්, තම ඡන්ද ව්‍යාපාර සංවිධායකවරුන් සහ ආධාරකරුවන් මේ හා සම්බන්ධයෙන් කරන කියන දේ පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙසත්ය.

මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් විසින් අවංකව සහ සාධාරණව රට පාලනය කරනු ඇති බවට විශ්වාස කළ නොහැකි බවත්,එබැවින් දිවයිනේ ප්‍රධාන ආගම් හතරේ සාරධර්ම මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති අනුව ජනතාවගේ සංකෘතික ආචාරධර්මවලට ද ගරු කරමින් රට පාලනය කරන නායකයෙකු තෝරා පත්කර ගැනීම සඳහා තම ඡන්දය පාවිච්චි කරන ලෙසට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සියලුම ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර එම නිවේදනය නිකුත් කර ඇත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...