හර්ෂිතාලා දිණුම්

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 26, (LNW) කොළඹ :

කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් ලීක්ස් තරගාවලියේ Tringbago Knight priders කණ්ඩායම සහ Gayana Amazone Worries අතර පැවති තරගයෙන් නයිට්‍ රයිඩර්ස් කණ්ඩායමට ජය අත් වුණා.

සුපිරි පන්දු ඕවරය දක්වා දිගු වුණු මේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් night riders කණ්ඩායමට පන්දුවවර විස්ස අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 128ක් කරා යන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ හරිෂිතා සමරවික්‍රම ද හොඳ දායකත්වයක් ලබා දුන්නා.

night riders ඉණිම අරඹමින් නායිකා ඩේන්ඩ්‍රා ඩොටින් සමග ආරම්භක කඩුල්ලට ලකුණු හැට හයක් රැස් කරන්නට හර්ෂිතා (18) දායක වුණා.

එසේම වොරියස් කණ්ඩායම ජයග්‍රහණය දෙසට පහසුවෙන් කැඳවාගෙන යමින්,එරින් බර්න්ස් (61) සහ සෙමෙයින් කැම්බල් (25) දෙවන කඩුල්ලට ලකුණු හැත්තෑ හතක සම්බන්ධතාවයක් පැවැත්තුවා.එහිදී කැම්බෙල් දවා ගැනීමට හරිෂිතා විසින් විශිෂ්ට උඩ පන්දුවක් රැක ගනු ලැබුවා.

ඒ අනුව වොරියස් කණ්ඩායම ඒ දක්වා පවත්වාගෙන ආ රිද්මයෙන් බැහැරට ගියා.මේ නිසා වොරියස් කණ්ඩායමේ ලකුණු පුවරුවද කඩුලු පහකට ලකුණු 128ක් ලෙස දෙපිලේම ලකුණු සම වෙමින් නිමාවට පත්වුණා.
පළමුව පන්දුවට පහර දුන් නයිට්‍රයිඩර්ස් කණ්ඩායම සුපිරි ඕවරයේදී කිසිවෙකු නොදැවී ලකුණු දහනවයක් රැස් රැස් කළත් වොරියස් කණ්ඩායමට තමන්ට හිමි වූ සුපිරි ඕවරය තුළ කඩුලු දෙකක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු පහක් පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරෝෂ 72 – 102 දක්වා ඉහළ නංවයි!

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

Waters Edge දැන් නව ගමනක..

අගෝස්තු 24 කොළඹ LNW: නාගරික සංවර්ධන ඉදිකිරීම් හා...

තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත් කළ බවට හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට එරෙහි චෝදනා එරට අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත්...

රනිල්ට දඬුවම් කිරීම ජනතාවගේ අපේක්ෂාවයි. අපේ සීමාව තුළ අපට කළ හැකි දේ අපි කරමින් ඉන්නවා – මන්ත්‍රී මනුවර්ණ

බංකොලොත් රටේ මහජනතාවගේ ධනය කාබාසිනියා කළ හිටපු පාලකයාට දඬුවම්...