දකුණු අයිස්ලන්තයේදී ග්ලැසියරයක් කඩා වැටීමෙන් සංචාරයකයෙක් මරුට; සෝදිසි කිරීම් තවදුරටත්!

Date:

සටහන – පුන්සරා ලියනගේ

අගෝස්තු 26 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:දකුණු අයිස්ලන්තයේදී ග්ලැසියරයක සංචාරයක යෙදී සිටියදී අයිස් කඩා වැටීමෙන් විදේශීය සංචාරකයෙකු මිය ගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

අනෙකුත් සංචාරකයන් තුවාල ලැබූ නමුත් ඔවුන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ ජීවිතයට අනතුරක් නොමැති බවත් තවත් දෙදෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවත් පැවසේ.

බ්‍රයිඩමර්කුර්ජොකුල් ග්ලැසියරයේ අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු දුෂ්කර තත්ත්වයන් හේතුවෙන් එක රැයකින් නවතා දැමීමෙන් අනතුරුව මුදාගැනීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ.

25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉරිදා මාර්ගෝපදේශකයෙකු සමඟ අයිස් ගුහාවක් නැරඹීමට යමින් සිටියදී අයිස් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...