රනිල්ගේ පාක්ෂිකයින්ගෙන් ජනපති අනුරට විරෝධයක්! අධිකරණය අසල ”AKD GO ගම” විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරයි! (PHOTOS)

Date:

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාරගතව දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන හිටපු ජනාධිපතිවරයාට එරෙහි නඩුකරය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතරතුර එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් ඇතුළු පාක්ෂිකයින් විසින් අධිකරණ භූමි පරිශ්‍රයෙන් එපිට ආණ්ඩුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටියි.

විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විරෝධය පළකරමින් සිටින අතර AKD GO ගම ලෙස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබේ.

නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අගෝස්තු 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

ඒ අනුව මේ වන විට එම නඩුව අධිකරණය තුළ විභාග වෙමින් පවතියි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...