රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන ලද සංචාරයකදී රජයේ මුදල් වැයකිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 29 වනදා නැවත කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් පසුගිය 22 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

අද (26) දිනයේදි ඔහුගේ ඇප ඉල්ලීම නැවත සලකා බැලුණු අතර එහිදී ඔහුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියම කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...