හෙල්ලක් නොවන දුන්නක් …

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW:

හෙල්ල කියන්නෙ අද යුද අවියක් නෙමෙයි.ඒත් ඒක දුරට වීසි කරලා දිනන්න පුළුවන් ලෝකයේම අවධානය යොමු වූ ක්‍රීඩාවක් තියෙනවා.ඒ හෙල්ල වීසි කිරීම.මේ ඉසව්වෙන් ලෝකයට මෙල්ල කරන්න අමාරු දුරක් තියෙන එල්ලයක් තියෙන ලංකාවෙ කොල්ලො දෙන්නෙක් ඉස්සරහදි ජපානයෙ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට තේරිලා ඉන්නවා.සමහර විට තියෙන තත්ත්වය අනුව ලංකාවෙ කෙල්ලෙකුත් හෙල්ල වීසි කරන්නම මේ තරගාවලියට යන්න ඉඩ තියෙනවා.


කොල්ලො දෙන්න තමයි සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග.දෙන්නා ජාතික වාර්තාව මාරු කර ගනිමින් රටේ හෙල්ල වීසි කිරීම සම්බන්ධ වාර්තාව දියුණු කරමින් එම ඉසව්වේ ශ්‍රී ලංකාවේ නියේජනය ලෝකයේ ඉහළම තැනෙක රඳවන්න වෙහෙසමින් ඉන්නවා.කෙල්ලනම් ලංකාව වෙනුවෙන් ආසියාව ජය ගෙන දී කැප වී වැඩ කරන නදීශානි ලේකම්ගේ යි.


වර්ථමානයේ දී මේ අතරින් රුමේෂ් තරංග ජාතික වාර්තාව උසුලන තව බොහෝ කාලයක් ඉදරියට කතා කරන්නට නියමිත තරුණයෙක්. හෙල්ලක් නොවන දුන්නක් කියන උද්ධෘතය මේ සටහනට මේ ලියුම්කරු යොදා ගන්නෙ ඔහු වෙනුවෙන්.ලංකාවෙ බොහෝ මලල ක්‍රීඩා ඉසව්වල දුන්නක් නොවී ඉදරියට ඇඳෙන්න පුළුවන් ක්‍රම සීමිතයි.සමහර අනු කණ්ඩවලට හේත්තුවීම වැනි කාරණාවල සිට ක්‍රීඩකයන්ගේ ආත්ම ගෞරවය සිතා නොකිව යුතු දේත් ඒ අතර තිබෙනවා.
ඒත් රුමේෂ්ට මේ දේ ආදේශ කරන්නෙ ඔහුගෙ කෙටි කාලීන ගමණෙදි ඔහුව පසුපසට ඇඳුණ තරමට මේ විදිහට ඉදරියට ඒම පාදක කර ගනිමින් සහ අගයමින්.


රුමේෂ් 2022 දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොළොම්ඹියා හී පැවති අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබනවා.එහෙත් එවකට පැවති ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මලල ක්‍රීඩා සංගමය යන දෙපැත්තෙන්ම තමන්ගේ වගකීම් නිවැරදිව ඉටු නොකිරීම නිසා සහ පමා කිරීම නිසා ක්‍රීඩකයන්ට තරගාවලියට නියමිත පරිදි සහභාගි වන්නට සිඳුවන්නේ නැහැ.
මේ නිසා ක්‍රීඩකයින් පමණක් නොව ඔවුන්ගේ දෙමව්පිය හිතවතුන් ද ටොරිංයන් ක්‍රීඩා පිටියේ අගුපිල්වල වැටී සටන් කරන්නට පටන් ගන්නවා.එහිදී දෙකොටසකට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට කොළොම්ඹියා යාමට අවසර ලැබෙනවා.සමහර අයට ඉසව් මඟ හැරෙනවා.ඉතාම හොඳ සට්ටමක සිටි තරුෂි කරුණාරත්නට මිටර් 800 ට සහභාගි වීමත් මග හැරෙනවා.
ඊට පසු ක්‍රමයෙන් ජ්‍යෙෂ්ඨ අංශයට පිවිසෙන රුමේෂ් සම්බන්ධයෙන් ගලා එන ඉල්ලීම්වලට අනුව තරගකාරී අවස්ථාවන් ලබා දීම මලල ක්‍රීඩා සංගමය හරහා සිඳුවන්නේ නැහැ.එහෙත් ආසියානු විසි කිරීමේ තරගාවලියේදි රුමේස් තරංග ජය ගන්නවා.ඔලිම්පික් පරිසාධණයට සෙ.මී.5 ක් පසුපසින් වූ ඔහු වාර්තා කළ දුර නව ජාතික වාර්තාවක්ද වෙනවා.එම දුරෙන් ඔහුට ඔලිම්පික් යන්නට අවස්ථාව නැති වන්නේනේ තවත් තරගවලදී දැක් වූ දක්ෂතා අනුව ලබා ගත හැකි ප්‍රසාද ලකුණු එක්ව නොතිබීම නිසයි.නැතිනම් සෘජු සුදුසුකම් නොලැබුව ද රුමේෂ් ට තරග අවස්ථා ලැබී තිබුණනකම් ඔහුට දක්වන දක්ෂතා අනුව හිමිවන ලකුණු එකතුව සහභාගි වූ තරග ප්‍රමාණයෙන් බෙදා එන ලකුණු ගණනට අනුව මේ තරගාවලියට සුදුස්කම් ලබන්නට තිබූ බව පැහැදිළියි.


ඒ නිසා රට නියෝජනය කරන්න තිබෙන අවස්තාවන්වලදී ඔහුගේ අවස්ථාව පසුපසට ඇදීම කණිෂ්ඨ අංශයේ සිටිම සිඳු වී තිබෙන ක්‍රීඩකයෙක් විදිහට ඒ පසුකර වයස් සිමාවන්වල මට්ටමට ඔහුගේ මනසත් ක්‍රියා කළා නම් මේවන විට එම ඇදීම පසුපසට ඇදී ක්‍රීඩාව නතරවීමක් දක්වා ගොස් තිබෙන්නට තිබුණා.එහෙත් රුමේෂ් පසුපසට ඇදී ඉදරියට ,දුරට සහ ඉලක්කයට විඳන දුන්නක් වගේ සියල්ල දරාගෙන ජයග්‍රහණය කරා ගමන් කරමින් සිටිනවා.
මේ අපූර්වත්වයට සහ හැකියාවට සුබ පතමින් ජපානයේදී ලංකාවේ ධජය සුසන්තිකාගෙන් පසුව එසැවෙන් අවස්ථාවක් දකින්නට රුමේෂ්ගෙන් බලාපොරොත්තු වීම අනවශ්‍යය හැඟීමක් බලපෑමක් නොවන බව විශ්වාසයි.තරගයට වැටුණම එහි ස්වභාවය අනුව වැටී දරාගෙන රැදී සිටීම ජයගැනීමට උත්සාහ කිරීම ආත්මය කර ගත් රුමේෂ්ට ඒ දේ කළ හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.
ඔහුගේ වර්ධනයට පුහුණුකරු ටෝනි ප්‍රසන්න මෙන්ම ඔහුට නවතින්නට පහසුවෙන් හුස්ම ගන්නට නොදෙමින් කරය කර සටනක්ව සිටින සුමේධ රණසිංහත් විශාල බලපෑමක් කරනවා.සමහර විට රුමේෂ් නොවී සුමේධගේ නම සමඟත් සිහ ධජය එසැවෙන්නට හැකියි.කවුරු වුව ද මේ තරගකාරීත්වය ලංකාවට ජපානයේදී යහපත් ප්‍රතිපලයක් අත් කර දෙනු ඇතැයි අප බලාපොරොත්තු දල්වා සිටියි හැකි වීමක් ගැන සතුටුයි ආඩම්බරයි.


එසේම ඇඳෙන දුන්නක් වැනිම දිල්ෂානි ලේකම්ගේත් පවතින තරගකාරීත්වය අනුව ජයග්‍රහණයක් සටහන් කරන වීසි කිරිල්ලක නියැලෙන්නටත් හොඳටම ඉඩ තිබෙනවා.අපි තිදෙනාටම උපරිමයට ළගා වන්නට සුබ පතන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

රනිල් හදපු විරෝධය! (PHOTOS)

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...